රජය කවර ආකාරයේ බාධක මර්ධන පැන වූවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව සිකුරාදා (29) උදේ 9 ට උතුවම් කන්දෙන් පටන් ගාන්නා බව මහින්ද රාජපක්ෂ පවසයි .
පේරාදේණියෙන් අද (28) උදේ ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව පස්වරු 4 වන විට මාවනැල්ල නගර සිමාවේ ගනේතැන්න නගරයට ළඟා විය .
මාවනැල්ල නගර දොරටුව අසල පොලිසිය උසාවිය නියෝගයක් නියෝගයක් රැගෙන පැමිණ සිටි අතර ,මෙම පෙළපාළියට මාවනැල්ල නගරයට ඇතුළු විය නොහැකි බව එම නියෝගයේ සදහන්ව තිබුණි .
මේ අතර ජිප් රියකින් ගනේතැන්නට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා එහි රැස්ව සිටි පිරිසට අතවනා ආචාර කළේ ය .