බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාව පරික්ෂණක් ආරම්භ කර ඇති බව සඳහන් වේ. ඒ අනුව අදාළ ගුරුවරියගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් එම කොමිසම සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදිමට බලාපොරොත්තු වන බවයි.