topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂලා බංකොළොත් කළ රට අපි ශක්තිමත් කරන්න හදන්නෙ – ඇමති නවීන් කියයි.

Naveen_Dissanayake

රාජපක්ෂලා බංකොළොත් කළ රට ශක්තිමත් කරන්න ඔවුන් සූදානම් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටී. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා නුවරඑළියේදී  පැවැති  නුවරඑළියේ නගරසීමාවේ පක්ෂ ක්‍රියාකාරීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ අපි පක්ෂය ආරක්ෂා කර ගන්න ඕනෙ. මේ පක්ෂය ඩී.එස්. සේනනායකලා ආර්. ප්‍රේමදාසලා ගාමිණී දිසානායකලා ලලිත් ඇතුලත්මුදලිලා වැනි නායකයෝ එකතු වෙලා ගොඩනගපු පක්ෂයක්. රාජපක්ෂලා එහෙම නම් එක පක්ෂයක් පමණයි. අදත් මහින්ද රාජපක්ෂ මහතතයා ගෙන් අහන්න රාජපක්ෂ මහත්තයා ඔබතුමාගෙන් පසුසෙ කවුද එන්නෙ කියලා. එතුමා කියයි මම ගේන්නෙ මගේ පුතා කියලා. පුතා ඇරෙන්න වෙන කවුරුත් නෑ. බැසිල් ඇරෙන්න වෙන කවුරුත් නෑ. එතුමා කියනවා එතුමා ශක්තිමත් නායකයෙක්ලු. මම එතුමාට පැහැදිලිවම කියනවා මහින්ද මහත්තයෝ ඉස්සරලම ඔබතුමා පවුල පාලනය කරන්න බලන්න රට පාලනය කරන්න ඉස්සර වෙලා කියලා. පවුල එතුමාව සම්පූර්ණයෙන්ම වට කරලා එතුමාව පාලනය කරනවා. මේක තමයි යතාර්ථය .”

මා දැක තිබෙනවා චන්දන මහත්තයා විශේෂයෙන්ම ගෙදරින් ගෙදරට යන වැඩපිළිවෙල තුළ මිනිස්සු සංවිධානය වෙනවා එක් රැස් වෙනවා මිනිස්සුන්ගෙ උවමනාවක් තියෙනවා නගර සභාවේ වෙනසක් ඇති කරන්න. ඉතිං අපිට තියෙන්නේ මෙය ඉදිරියට ගෙන යන්න. එකක් කියන්න කැමතියි සමහර බොළඳ  දේශපාලඥයෝ කට කතා යවනවා මම මේ දවස් ටිකේ ආවෙ නැති නිසා මම චන්දන මහත්තයාත් එක්ක නෑ කියලා. ඉතිං ඇත්ත වශයෙන්ම ඒ කපටියන්ට කියන්න කැමතියි චන්දන මහත්තයාව නගරාධිපති කරන්න එදත් අදත් නවින් දිසානායක සටන් කරනවා කියන එක. එතුමාව ඒ පුටුවෙ තියන්න මම කැපවීමෙන් කටයුතු කරනවා.

මට පුංචි කරදරයක් වුණා මගේ මෑණියන් හදිසියේ අසනීප වීම නිසා. එතුමිය තාමත් දැඩි සත්කාර ඒකකයේ ඉන්නෙ. ඒ නිසයි මට එන්න බැරි වුණේ. මේ හේතුව තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනෙ. පුතෙක් හැටියට මට යුතුකම් තියෙනවා. දේශපාලනඥයෙකුට වඩා මගේ යුතුකම් මම පුතෙක් විදිහට ඉහළින් තියෙනවා. මෙතන ඉන්න සමහර පිරිස් විශේෂයෙන්ම කාන්තාවන් මගේ මෑණියන් සමඟ දේශපාලනයේ නියැළී කටයුතු කළ අය ඉන්නවා.

ඒ කෙසේ වෙතත් අපි මේ සියලු කටයුතු පිටුපස සිට බලනවා. අපේ අපේක්ෂකයෝ ඉතාමත් උනන්දුවෙන් තමාගේ ස්වෝත්සාහයෙන් තමාගේ තිබෙන උපරිම ශක්තිය යොදවලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න මේ සියලුම අපේක්ෂක මහත්ම මහත්මීන් කැප වෙනවා. ඉතිං මේක මට විශාල ශක්තියක්. මොකද මම නිතරම වැඩ කරන්නේ කණ්ඩායම් හැඟීමෙන්. අපිට මේ ගේම් එක ගහන්න අමාරු දෙයක් නෙවෙයි. ගිය මැතිවරණයෙන් මහින්ද දොඩම්ප ගමගේ ගොඩ වුණේ ඡන්ද 400 ගණනකින්. තමුන්නාන්සේලා හිතනවාද අපිට මේ ඡන්ද 400 ගණන හරවා ගන්න බෑ කියලා. දැනටමත් ඒක හැරිලා ඉවරයි. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නෙ අපේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද ටික ඡන්ද පොළට ගෙනල්ල දෙන්න කියලා. ඒක විතරක් ඇති අපිට ජයග්‍රහණය කරන්න. මොකද ගාමිණී දිසානායක මැතිතුමා නුවරඑළිය නගරය හැදුවෙ කොළ පාට නගරයක් කරලා කවදාවත් මේක වෙනස් නොවෙන විදිහට තමයි එතුමා මේක හැදුවෙ. පුතා විතරයි ප්‍රථම වතාවට බැහැල වැඩ කරලා ඒකත් මම කරපු විශාල පවක් කියලා  හිතනවා මම දැන්. ඡන්ද 400කට කොළ පාට නිල් පාට කළා.   නමුත් මොකද වුණේ  විශේෂයෙන්ම මේ ග්‍රෙගරි වැවේ සංවර්ධනය අපි හැදුවෙ නුවරඑළිය ජනතාවට. නමුත් මගෙන් අහන්නෙවත් නැතුව හම්බන්තොට මිනිස්සුන්ට මේකෙ බොට්ටු ටික දුන්නා. අඩුම ගාණේ අපේ මිනිස්සුන්ට බෝට්ටු ටිකක් දීලා ඉතිරි ටික දෙන්න තිබුණා. මම තමුන්නාන්සේලාට පොරොන්දුවක් වෙනවා පෙබරවාරි 10 වෙනිදායින් පසුව මේ බෝට්ටු ටික අපි දෙන්නෙ මේ නුවරඑළියෙ ජනතාවට කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

හැම තැනම අවිධිමත් ලෙස ගොඩනැඟිලි හදලා. සහෝදරයටත් ගොඩනැඟිල්ලක් හදලා දීලා. ලොකු ගොඩනැඟිලි කවදාවත් මේවා නගර සභාවෙන් වුණේ නෑ. එදා ගාමිණී දිසානායක තොණ්ඩමන් මහත්තයා මේ නගරය ආරක්ෂා කළේ හරිත නගරයක් ලෙසයි. අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද හැම තැනම කොළඹ වගේ කොන්ක්‍රීට් කරලා. මේක අපි නවත්වන්න අවශ්‍යයි. තමන්ගෙ වාසියට ඥාතීන්ගෙ වාසියට හැම තැනම හෝටල් හදන්න පටන් අරගෙන. අපි පෙබරවාරි 10න් පස්සේ මේක නවත්වනවා. අපිට ඕනෙ හොඳ ලස්සන හරිත පිරිසිදු පරිසරයක් තියෙන නුවරඑළියක්. ඉතිං මම හිතන්නෙ මේක චන්දන කරුණාරත්න මහත්තයාගෙ නායකත්වයෙන් අපිට කරන්න පටන් ගන්න පුළුවන්. පැහැදිලිවම මේ නුවරඑළිය නගරය නැවතත්  ලස්සන නගරයක්  හැටියට දියුණු කරන්න මේ ශාඛා සමිති වල  අම්මලාට  තාත්තලාට ඔවුන්ගේ දරුවන්ට නගර සභාව හරහා රැකී රක්ෂා ලබා දෙන්න අපි කරන හැම දෙයක්ම අපි කරන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා.

චන්දන මහත්තයාගෙ කාලෙ එදා අපිට හරි සවිමත් බලයක් පන්නරයක් ශක්තියක් තිබුණෙ නෑ. එදා 2001 -2004 ආණ්ඩුවේ මම  නියෝජ්‍ය ඇමතිවරයෙක් . 2004 ඉදලා 2011 වෙනකල් අපේ එක්සත් ජාතික පක්ෂයට බලය තිබුණෙ නෑ. චන්දන මහත්තයා තමන්ගෙ හැකියාවෙන් ඒ වැඩ ටික කළා. නමුත් අපිට අද චන්දන මහත්තයයි මමයි එකතු වුණොත්  නගරාධිපති හා හොඳ ඇමති කෙනෙක් හැටියට අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් මේ නගරය දියුණු කරන්න. ප්‍රථම වතාවට මෙහෙම ක්‍රමයක් ඇවිල්ලා තියෙන්නෙ. චන්දන මහත්තයාගෙත් කාලෙ ඇවිල්ලා ඒ වගේම තමයි මගෙත් කාලෙත් ඇවිල්ලා. එහෙනම් අපි දෙන්නාම පවිත්‍ර නායකයො දෙදෙනෙක් හැටියට අපි උත්සාහ කරන්න අවශ්‍යයි මේ නගරය දියුණු කරලා ඉදිරියට ගන්න. එම නිසා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ඉලක්කය කරා යන්න අපිට උපරිම සහයෝගය දෙන්න කියලා.

මේ අන්තිම දවස් ටික යන්නෙ. ඉතිං 7 වනදා රෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වෙනවා එදා වෙන කොට ඉතාමත් ශක්තිමත් වෙලා ඉහළ තත්ත්වයක තියෙන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සේලාගේ පිහිටෙන් මේ ගමන යන්න. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂය කන්ද උඩරටින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්න. අපි දැනට ලැබෙන ආරංචි අනූව 35%ක 40%ක ඡන්ද ප්‍රතිශතයක ඉන්නවා. අපි දන්නවා අපේ ප්‍රධානම අභියෝගය වෙලා තියෙන්නෙ පොහොට්ටුව. එහෙනම් අපි ඒ පොහොට්ටුවේ අයට කියන්න කැමතියි මේ අලියාගේ ගමන කාටවත් නවත්වන්න බෑ. අලියට විරුද්ධව කුමන්ත්‍රණ කළා. අලියා බෙදන්න විනාශ කරන්න හැදුවා. කිසිම දෙයක් සැබෑ උනේ නෑ. අද මේ රටේ කවුරු මොනවා කිව්වත් ප්‍රබලම ශක්තිමත්ම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි. මම නිතරම කිව්වෙ අපේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද 35%ක් 40%ක් තියෙනවා කියලා. අපි 29% බැස්සෙ 2014 මහ මැතිවරණයෙන්. ඒවට නොයෙකුත් හේතු තිබුණා. 2010 මැතිවරණය යුද්ධය අවසන් කරලා මහින්ද මහත්තයා මහමැතිවරණයක් තිබ්බා. පාක්ෂිකයන්ගේ මානසිකත්වය ගොඩක් වැටිල තිබ්බෙ. අපේ නායකත්වයේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. මේ නිසා අපිට බැරි වුණා අපේ 35% ගන්න. අද ඒ තත්ත්වය වෙනස්. සමහර විට පාක්ෂිකයෝ නායකත්වයට පක්ෂයට බණිනවා. කළකිරීමෙන් ඉන්නෙ. තමුන්නාන්සේලගේ ඒ වේදනාව අපි තේරුම් අරන් ඉන්නෙ. ඒ අපිට ඔබ බලාපොරොත්තු වුණු සංවර්ධනය රැකී රක්ෂා  ටික දෙන්න බැරි වුණහම කළකිරීමට පත් වෙනවා. නමුත් අපි දැන් මේ රාජපක්ෂලා බන්කොළොත් කළ රට ශක්තිමත් කරන්න හදන්නෙ. දැන් මේ රට  හිමින් හිමින් හුස්ම ගන්න පටන් අරන් තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වයෙන් අපි ආශ්වාස කරන්න පටන් ගත්තා. දැන් මේ රට ශක්තිමත් වෙනවා. ඉතිං අපි ගම ශක්තිමත් කරලා රට ශක්තිමත් කරන්න අවශ්‍යයි. එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ පුංචි කළකිරීමක් තියෙනවා අපිව බලා ගන්නෙ නෑ කියලා. අපිට ඒක තේරෙනවා.

අපේ නායකතුමා පැහැදිලිවම අපේ දෙවන පෙළ එක්සත් ජාතික පක්ෂය තුළ හදා ගෙන යන්නේ. එතුමා සජිත් ප්‍රේමදාස, මම, අකිල විරාජ්, හරීන් ප්‍රනාන්දු හා සාගල රත්නායක මෙවැනි නායකයෝ   කිහිප දෙනෙක්ම එතුමා එදා ප්‍රේමදාස මැතිතුමා ගාමිණී දිසානායක මැතිතුමා බිහි කළා වගේම අද දෙවන පෙළ හදා ගෙන යනවා. එම නිසා අපිට විශ්වාසය තියා ගන්න පුළුවන් අපේ පක්ෂය ගැන අපේ අනාගතය ගැන. මේ පක්ෂයෙන් තොරව අපට නම් පෙනෙන්නෙ නෑ ප්‍රබල අපට අභියෝග කරන්න පුළුවන් පක්ෂයක්. අද තනි පක්ෂයක් හැටියට කන්ද උඩරටින් ලැබෙන ජවය තමයි නිතරම අපේ ශක්තිය කියන එක මම කියන්න ඕන. මම නායකතුමාට පැහැදිලිවම කියනවා අපි ඡන්ද ටික අරන් දෙනවා ඔබතුමාට පස්සේ පෙරහැරේ වෙන අලි ටිකක් කියලා. අපි මේක නිතරම දැකලා තියෙනවා. ඉතිං එහෙම කරන්න බෑ. අපේ පාක්ෂිකයන්ට රස්සා ලබා දෙන්න ඕනේ. අපේ නායකතුමා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා එතුමා රාජපක්ෂ මහත්තයා වගේ නෙවෙයි නිහඩව වැඩ කරන කෙනෙක් . එතුමා වැඩ සැලසුම් කරලා නිහඩව වැඩ කරලා ඔප්පු  කරනවා. රටේ සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යනවා. ඒ වගේම විශාල සංවර්ධන වැඩ වලට අත ගහල තියෙන්නෙ. දැනටමත් අපි පටන් අරන් තියෙන්නෙ කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ සංවර්ධන  වැඩ.  දැනටමත් රැකී රක්ෂා දෙන්න සැලසුම් කරලා තියෙනවා.  මේ අවුරුදු දෙක තුන තුළ ග්‍රාමීය නිවාස විශාල ප්‍රමාණයක් අලුතින් හදලා තියෙනවා. ඉතිං තවත් ඉදිරියට රට සංවර්ධනය කරන්න අපට සහය වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා යැයි පැවසීය.

 

 

Leave A Reply

Your email address will not be published.