මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී. එම සිද්ධියට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඒ මෙම සිදුවීමට අදාළ කරුණු වසන් කිරීම හේතුවෙන් බවත් වැඩිදුරටත් සඳහන් වේ.