ලිඳුල – තලවකැලේ මාර්ගයේ, බෙයාවිල් ප්‍රදේශයේදී ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොත්මලේ ඔයට පෙරලී අනතුරක් සිදුවූ බව වාර්තා වේ. මෙම අනතුරින් කාර් රථයේ ගමන් කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇති කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත්, පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවත් සඳහන් වේ.