topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොදු සාමය රටේ සියලූ දෙනාම බලාපොරොත්තු වෙනවා – අගමැති කියයි.

P_M_Ranil

පොදු සාමය රටේ සියලූ දෙනාම බලාපොරොත්තු වෙන බවත්, රටේ ස්ථාවර භාවය ඇති වෙන්නේ පොදු සාමය තුළින් බවත්,  සාර්ථක ජීවිතයක් ගත කිරීමට තම ශාරීරික , දේපළ  සුරක්‍ෂිත භාවයත් ප්‍රාදේශීය සුරක්‍ෂිතභාවයත් ජනතාවට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ,  කළුතර, කටුකුරුන්ද, විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ පසුගියදා  පැවැති විශේෂ කාර්ය බලකායේ 35 වන සංවත්සර සැමරුම් සහ 74 වන සේනාංකය විසිර යාමේ උළෙලට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා පොලිසියේ විශේෂකාර්ය බලකායේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 169 ක් අද සේවයට එක් වුණා. ඔබ අද දින ඇතුළත් වන්නේ විශේෂ සේවාවකටයි. ඔබ ඇතුළත් වන්නේ ඔබටත්, රටටත් ආඩම්බර විය හැකි සේවාවකටයි. මෙම විශේෂ කාර්ය බලකායත්, පොලිසියත් විශේෂ සේවා ලෙස හැදින්විය හැකියි.

1967 දී ශ්‍රී ලංකවේ පොලිස් සේවය ආරම්භ කළා. එතෙක් පොලිස් සේවයක් ඇති කර තිබූ ජර්මනිය, එංගලන්තය, ඇමරිකාව වැනි රටවල තිබුණේ යම් කිසි නගරයකට සීමා කර තිබූ පොලිස් සේවාවක් පමණයි. මුළු රට වෙනුවෙන්ම පොලිස් සේවයක් ඇති වූ පළමු රට ශ්‍රී ලංකාවයි. දැන් ආසියානු, අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් තනි පොලිස් සේවා ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ලෝක යුද්ධය, ගංවතුර, සුනාමි, අභ්‍යන්තර ත්‍රස්තවාදය, කෝළාහල ආදී සියලූදේට මුහුණ දී තිබෙනවා. එම පොලිස් සේවයේ විශේෂිත අංශයක් ලෙස ඔබේ බලකාය හැදින්විය හැකියි. 1983 දී මෙම පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ කළේ ත්‍රස්තවාදීන් උතුරේ පොලිස් ස්ථාන ගණනාවකට පහර එල්ල කර ත්‍රස්තවාදීන් අවි ආයුධ පැහැරගෙන ගිය අවස්ථාවකයි. එම සිද්ධීන්ට මුහුණ දීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ අපි පියවර 02ක් අනුගමනය කළා.

පළමු පියවර ලෙස උතුරු නැගෙනහිර හා මායිම් ප්‍රදේශවල පොලිසිය ආරක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් යෙදෙව්වා. ඉන් පසුව එක් පොලිසියකටවත් පහරදීමට ඔවුන්ට නොහැකි වුණා.

ත්‍රස්තවාදීන් යනු ජනතාව අතර සැඟවී අපි දරා සිටින පිරිසක්. ඔවුන්ගේ සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීමට සිදු වුණා. එම නිසා දෙවැනි පියවර ලෙස පොලිසිය යටතේ විශේෂ සේවයක් ආරම්භ කළා.

දිවංගත රවී ජයවර්ධන මැතිතුමා එක්සත් රාජධානියේ විශේෂ ගුවන් සේවා රෙජිමේන්තුවට අනුව මෙම බලකාය ආරම්භ කළා. විශේෂ ගුවන් සේවා රෙජිමේන්තුව යුද්ධ හමුදා රෙජිමේන්තුවක් වුවත් එහි පුහුණුව පොලිස් සංවිධානයකට ලබාදීමට අපට හැකි වුණා. අවසානයේ නැගෙනහිර ප්‍රදේශයේ සියලූ ප්‍රදේශ ආරක්‍ෂා කිරීමට අවශ්‍ය හැකියාව ඔවුන්ට ලබාදුන්නා.

මේ පොලිස් විශේෂ කාර්ය බලකාය බිහි වූයේ ඒ ආකාරයටයි. මෙය දැන් ආසියාවේ වෙනත් පොලිසිවලට ආදර්ශයක් වී තිබෙනවා. එම නිසා ඔබ ඇතුල් වන සේවයත්, බලකායත් පිළිබඳව ඔබට ආඩම්බර විය හැකියි. එම ගෞරවය ආරක්‍ෂා කර ගන්නා ලෙස මම ඔබ සියලූදෙනාටම පවසනවා.

2015 වසරේ සිට මේ ආණ්ඩුව පොලිස් සේවය ශක්තිමත් කිරීමටත් , දියුණු කිරීමටත් මුදල් වෙන් කර තිබෙනවා. අවශ්‍ය ආධාර උපකාර සිදු කර තිබෙනවා. ඒ වගේම ඔබේ විශේෂ බලකායේ කොටසක් එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ වැඩ කටයුතු සඳහා යොදවා ගැනීම පිළිබඳවත් ඔබ ආඩම්බර විය යුතුයි. එය ඔබේ විශේෂ බලකාය ලෝකය පිළිගත් අවස්ථාවක්  ලෙස හැදින්විය හැකියි.

පොලිසිය වෙනුවෙන් අප විශාල නවීකරණයක් ද ආරම්භ කර තිබෙනවා. පොලිසිය තුළත් යල් පැන ගිය නීති රීති සහ සංවිධාන ක්‍රම තිබෙනවා. මේ සියල්ල ප්‍රතිසංවිධානය කිරීමට, සුභ සාධන වැඩකටයුතු කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පසුගිය වසර දෙකහාමාර තුළ සාගල රත්නායක ඇමැතිතුමා විශාල උත්සහායක් ගත්තා. ඒ පිළිබඳව අප එතුමාට ස්තූති වන්ත වෙනවා. අද වනවිට පොලිසියේ වගේම රට තුළත් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම කළ යුතුව තිබෙනවා.

පොදු සාමය රටේ සියලූ දෙනාම බලාපොරොත්තු වෙනවා. රටේ ස්ථාවර භාවය ඇති වෙන්නේ පොදු සාමය තුළයි. සාර්ථක ජීවිතයක් ගත කිරීමට තම ශාරීරික , දේපළ  සුරක්‍ෂිත භාවයත් ප්‍රාදේශීය සුරක්‍ෂිතභාවයත් ජනතාවට අවශ්‍යයි.

ජනතාව එම සුරක්‍ෂිත භාවය ලබාදීම සෑම ආණ්ඩුවකම වගකීමක්. රටේ ජනතාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ලබා දීම , ආර්ථිකය දියුණු කිරීම ඕනෑම ආණ්ඩුවක මූලික කාර්යයන් ලෙසයි අප සලකන්නේ.

අපි අනාගතය සැලසුම් කරන්නේ ඒ අනුවයි. මෙම විශේෂ කාර්ය බලකාය සතු විශේෂත්වයක් වන්නේ ත්‍රස්තවාදීන්ගේ අර්ධ සටන්බිම් වල සටන් කරමින් සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීමයි. එවැනි ත්‍රස්තවාදී වාතාවරණයක් නැති අවස්ථාවල රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වැඩකටයුතුත්, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනයටත් මෙම බලකාය යොදවනවා.

මීට මාස 4 කට 5 කට පෙර රටේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ නමක් අගමැතිතුමනි, ත්‍රස්තවාදයටත් වඩා අප දරුණු උවදුරකට මුහුණ දෙනවා යැයි මට පැවසුවා. මම ඒ කුමක්දැයි උන්වහන්සේගෙන් විමසුවා. ත්‍රස්තවාදය තිබුණේ උතුරේ සහ නැගෙනහිර ගම්මානවලයි. දකුණේ ඇතැම්  අවස්ථාවල පමණක් බෝම්බ පුපුරා ගියා. නමුත් අද මත්ද්‍රව්‍ය උවදුර සියලූම ගම්මානවල පැතිරී තියෙනවා. එදා බෝම්බයකින් ජීවිත හානි වුණා. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය නිසා අපට අනාගත පරපුර අහිමි වෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය පාලනය, මත්ද්‍රව්‍ය මර්දනය ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්න යැයි උන්වහන්සේ මට පැවසුවා. එම අවස්ථාවේ එහි සිටි කතෝලික පියතුමෙක් ද එම අදහසට එකඟ වුණා.

එම නිසා මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩකටයුත්ත සඳහා ඔබත් සහභාගී කරවා ගන්නවා. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, යෞවන කටයුතු අමාත්‍යංශය ආදී ආයතන ගණනාවක් මේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා එක් වී ක්‍රියා කිරීමට සූදානම් කර තිබෙනවා.

රටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වලක්වන්නේ නාවික හමුදාවත්, රේගුවත් විසිනුයි. බෙදාහැරීමේ ක්‍රමවේදය විනාශ කිරීමට අප ඍජුව රට තුළ වැඩකටයුතු සිදු කළ යුතුයි. ඒ සඳහා නීතිය හා සාමය, සෞඛ්‍ය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව ආදී සියලූ අංශ අවශ්‍ය වෙනවා. මෙම සියලූ ආයතන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා තදින් ක්‍රියා කළ යුතුයි.  මෙම ආයතනවල එක් කොටසක් හෝ  ලිහිල් වෙනවා නම් මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරය සම්පූර්ණයෙන් අඩපණ වෙනවා.

ඔබ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකළ යුතුයි යන ඇමරිකානු කියමන මට මෙහිදී සිහිපත් වෙනවා. මේ සම්බන්ධයෙන් මම දැනට අංශ කිහිපයක් සමගත්, අග්‍රවිනිශ්චකාර තුමා සමගත් සාකච්ඡා කරනවා. නීතිය ලිහිල් කරන්නේ නැතිව, කිසිවෙකුටත් නීතියෙන් බේරීමට අවස්ථාව ලබා දෙන්නේ නැතුව මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම වැඩකටයුත්තේ එක් කොටසක් ඔබේ බලකායටත් පැවරී තිබෙනවා” යැයි පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.