topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ,ඝාතනවලට අණ එකම තැනකින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වන බව සඳහන් වෙයි.

ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

මාධ්‍යවේදී එක්නැලිගොඩ  අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් ට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

Leave A Reply

Your email address will not be published.