එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ගමනක් පටන් ගන්නවා…..” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ  පවසයි.

‘මේ ජාතික ව්‍යාපාරය හදන්නේ අපි කලින් නිර්මාණය කරපු ජාතික සභාව රටපුරා යන තැනකට පුළුල් කරමින් රටට අවංකවම ආදරය කරන දේශමාමක පිරිස් එකතු කරගෙන ජනතාව පෙළගස්වන පුළුල් දේශහිතෛෂී ගමනක් මේ ව්‍යාපාරය හරහා අරඹනවා බවත් ,රටේ යහපත් සංස්කෘතියක් හා තිරසර සංවර්ධනයක් ඇති කිරීම අපේ එකම බලාපොරොත්තුවයි. රටේ ගහ කොළ පරිසරය, ඉඩම් ටික ස්වාභාවික සම්පත්, මධ්‍යම කඳුකරය රැක ගන්න නව චින්තන දහරාවක් ඇති කරන තුරු අද සිදුවන මහා පරිසර විනාශය වළක්වන්න බැහැ. අද අප සමග එකතුවෙලා ඉන්න සමහරුන් සමග මේ ගමන යන්න බැහැ. රට ගැන අවංක ආදරයක් තියෙන පිරිස්මේ  ගමනට එකතු කරගන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. අපි මේවා කරන්නේ අවංක හා පරම පවිත්‍ර චේතනාවෙන් බවයයි  රතන හිමි වැඩිදුරටත් සඳහන් කර ඇත.