topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුළුවන් නම් විස්සේ රට බෙදන වගන්ති පෙන්වන්න – ජවිපෙන් අභියෝගයක්.

JVP_Vijitha_Herath

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එනවාට කැමති බවත්, නමුත් මේ මොහොතේ එය යථාර්ථය නොවෙන බවත් ඒ නිසා 20වැනි සංශෝධනය ගේන බවත්,  20වැනි සංශෝධනයේ කිසිදු තැනක බලය බෙදන හෝ රට කඩන වගන්ති කිසිවක් නොමැති බවත්, බිල්ලෝ මවන, කයිවාරුකාරයන්ට එහෙම වගන්තියක් තියෙනවා නම් පෙන්වන ලෙස අභියෝග කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධුරය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා 1978 සිට මැදිහත් වූ පක්‍ෂයක්. අප පමණක් නොව තවත් පක්‍ෂ ගණනාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට මැතිවරණවලදී, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලදී ජනතාවට පොරොන්දු දුන්නා. නමුත් මෙතෙක් කල් එම කිසිදු ජනාධිපතිවරයෙක් එම ධුරය අහෝසි කළේ නැහැ. මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා බවට පත්වුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමටයි. ඔහු දින 100 වැඩපිළිවෙළේදී ඉතා පැහැදිලිව එය අහෝසි කරන බවට පොරොන්දු වුණා. දින 100න් අලූත් රටක් යන ලියවිල්ල පැහැදිලිව සඳහන් කර තිබෙනවා 2015 අපේ‍්‍රල් 20වන දින වනවිට අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් කි‍්‍රයාත්මක කරන බව.

මහින්ද චින්තන පළමු වැඩපිළිවෙළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන්නා වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළන්ද ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණා. එම වැඩපිළිවෙළේ පැහැදිලිව මෙහෙම සඳහන් කරලා තිබෙනවා. ”විධායක ජනාධිපතිධුරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප‍්‍රවේශම්කාරී වූවෙමි. අතීතයේදී විධායක ජනාධිපතිධුරය යොදා ගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිවරණවලින් පත්වූ ආණ්ඩු පෙරළා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක්‍ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්දනය කර ඝාතන සංස්කෘතියකට රට ගෙන යාමට, රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට සහ ජාවාරම්කරුවන්ට සහන ලබාදීමටය. රට පාවාදෙන ගිවිසුම් ඇතිකර ගත්තේද විධායක ජනාධිපති ධූරය යොදාගෙනය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලිව කියන්නේ රට පාවාදෙන ගිවිසුම් ඇතිකරගන්න විධායක ජනාධිපතිධූරය යොදාගත් බවයි.

රට බෙදනවා කියන කෑ ගහන බොහෝ අයට අද පළාත් සභා ක‍්‍රමය ආවේ කොහොමද කියලා අමතක වෙලා. ඉන්දු-ලංකා ගිවිසුම හරහා රජීව් ගාන්ධි විසින් එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බියවද්දලා අත අඹරලා තමයි පළාත් සභා ක‍්‍රමය අපේ රටට පැටෙව්වේ. ඉන්දීය මැදිහත්වීම වෙලාවේ ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයාව සිටි ඩික්සිත් මහත්තයා තමන් ලියූ කොළඹ භූමිකාව පොතේ ඒ ගැන සඳහන් කරලා තියෙනවා. එදා ජේ.ආර්.ගේ බිරිඳ ඔහුගෙන් විමසා සිටියේ මේ ගිවිසුම නිසා තම ස්වාමියාට ප‍්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන කාරණයයි. ස්වාමියාට ප‍්‍රශ්නයක් නැත්නම් ගිවිසුම අත්සන් කළාට කමක් නැහැ කියා ඇය කිවූ බව සඳහන් වෙනවා. ඒ විදිහට තමයි පළාත් සභා ක‍්‍රමය එන්නේ. ජේ.ආර්. නැමති තනි පුද්ගලයා මෙල්ල කරගෙන තමයි පළාත් සභා ආවේ. ඒ වෙලාවේ ජේ. ආර්. කැබිනට් මණ්ඩලයෙන් විමසුවේ නැහැ. ගාමිණී ජයසූරිය ඇමතිවරයා ඉල්ලා අස්වුණා. විශාල ජනතා විරෝධයක් ආවා. නමුත් ඒ කිසිවක් නොසලකා ජනාධිපතිවරයා තනි පුද්ගල කැමැත්ත අනුව රට පාවාදුන්නා. පළාත් සභා ඇතිවන්නේද විධායක ජනාධිපතිධුරය නිසයි. රට බෙදෙනවා කියා කෑ ගහන අයට ඒක අමතක වෙලා.

තවත් සමහරු අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එක ගැන කථා කරනවා. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එනවාට අපි කැමතියි. නමුත් මේ මොහොතේ එය යථාර්ථය නොවෙයි. ඒ නිසා තමයි 20වැනි සංශෝධනය ගේන්නේ. 20වැනි සංශෝධනයේ කිසිදු තැනක බලය බෙදන හෝ රට කඩන වගන්ති කිසිවක් නැහැ. බිල්ලෝ මවන, කයිවාරුකාරයන්ට අපි කියනවා එහෙම වගන්තියක් තියෙනවා නම් පෙන්වන්න කියලා. දේශපාලන පරිණතකමක් නැති වාචාලකමට කටමැත දොඩවන්නේ නැතිව කරුණු සහිතව ප‍්‍රකාශ නිකුත් කරන්නේ නැතිව බොරු කියලා පච වෙන්න එපා කියලා අපි කියනවා. ඒ වගේම ඔවුන් කියනවා, කාරක සභා අවස්ථාවේ රට බෙදන යෝජනා ඇතුළත් කරනවා කියලා. අපි ඔවුන්ගෙන් අහන්න කැමතියි, කවුද ඒ යෝජනා ගේන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂලා ගේනවාද? හකීම්ලා, මනෝ ගනේෂන්ලා දැනටමත් 20ට විරුද්ධ නිසා ඔවුන් සංශෝධන ගේන්නේ නැහැ. එසේ නම් ටී.එන්.ඒ සංවිධානය හෝ යූ.ඇන්.පී.ය එම යෝජනා ගෙනාවත් ඔවුන්ට 2/3 බලයක් නැහැ. මොකද, ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයකට 2/3ක බහුතරයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. එතකොට රටේ ජනතාව රට බෙදන ව්‍යවස්ථාවකට ඡන්දය දෙනවද? අපි කියනවා, පාර්ලිමේන්තුවේ 2/3ත් අරගෙන ජනතාවගේ කැමැත්තෙන් මේ සංශෝධනය සම්මත කරගමු කියලා. එනිසා ඇතැම් කණ්ඩායම් තමන්ගේ අපරිණත මෝඩ තකතීරුකම ප‍්‍රදර්ශනය කරනවා. අපි ඒ අයට කියනවා පළමුවෙන්ම 20වැනි සංශෝධනයේ කෙටුම්පත කියවන්න කියලා.

මෙම 20වැනි සංශෝධනය සකස් කිරීමේදී නීතිඥයින් ඇතුළු විද්වතුන් සමඟ අපි සාකච්ඡුා කළා. මෙහි මූලික දේශපලන අදහස ජනතා විමුක්ති පෙරමුණෙන්. පක්‍ෂයට සම්බන්ධ නීතිඥවරුන් සහ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමඟ මෙම කෙටුම්පත සකස් කළා. ඒ වගේම මීට පෙර නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතාත් විධායක ජනාධිපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීමට 2005 දී පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා. නමුත් එය කි‍්‍රයාත්මක වුණේ නැහැ.

20වැනි සංශෝධනය කාට හෝ තනි පුද්ගලයෙකුට බලය පැවරෙනවාද? 20ට විරුද්ධ පිරිස් රනිල්ට බලය පැවරෙනවා කියලා තව බිල්ලෙක් මවනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන තුරු 20 කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. 2020 ජනවාරි 09වැනිදා සිට 20 කි‍්‍රයාත්මක වීම ආරම්භ වන අතර එතැන් සිට මසක කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා යුතු බවට අපි යෝජනා කර තිබෙනවා. අපි ඉතා දැනුවත්ව එම යෝජනාව සිදු කරන්නේ රට අරාජික වීම වැළැක්වීමටයි. දැනටත් සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසුව රටේ අස්ථාවරභාවයක් ඇතිවීම වැළැක්වීමට අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි මැතිවරණ කාලය තුළදී රට පාලනය කරනු ලබන්නේ. එනිසා රට අස්ථාවර නොකිරීම් වගකීම අපිට තිබෙනවා. 20 කි‍්‍රයාත්මක වනවාත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ අගමැතිවරයාගේ ධුරය, ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වන්නේ නැහැ. ඇත්තටම සිදුවන්නේ 2020 සැප්තැම්බර් දක්වා තිබෙන අගමැතිවරයාගේ ධුර කාලය 2020 පෙබරවාරි මාසය දක්වා අඩු කිරීමයි.
දැනට තිබෙන ව්‍යවස්ථාව අනුව මැතිවරණ කාලය තුළදී ජනාධිපතිධුරය පුරප්පාඩු වුවහොත් (මරණයට පත්වීම හෝ වෙනත් හේතුවක්) ජනාධිපතිවරයා පත්කර ගැනීම සිදුවන්නේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් මගිනුයි. ඒ අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් තමයි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් පත්වීමට නියමිත වන්නේ. ඇතැම් අය තර්ක කරනවා, මුදලට විකිණෙන මන්තී‍්‍රවරුන් ඉන්න පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම භයානකයි කියලා. මුදලට මන්තී‍්‍රවරුන් විකිණෙනවා කියන ඇතැම් අය දැනටමත් කෝටි 7-8ට විකිණු අයයි. ඒ පුද්ගලයෝ තමයි අද කෝටි 7ක් හොයාගත්තේ කොහොමද කියලා පැහැදිලි කරගන්න බැරිව ඉන්නේ. මන්තී‍්‍රවරු පමණක් නෙවෙයි, ලෝක ඉතිහාසයේ ජනාධිපතිවරු මුදලට විකිණුනු අවස්ථා තිබෙනවා. ජෝන් පර්කින්ස්ගේ ‘ඇමරිකානු අධිරාජ්‍යයේ රහසිගත ඉතිහාසය’ යන කෘතියේ ජනාධිපතිවරු මිලදී ගත් ආකාරය පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මන්තී‍්‍රවරු විකිණෙන එක ගැන කතා කරන මහත්වරුන්ට ඒ පොත කියවන්න කියලා අපි ආරාධනා කරනවා. ඉක්වදෝර් ජනාධිපතිවරයා, බොලීවියානු ජනාධිපතිවරයා අයි.එම්.එෆ්. වුවමනාව අනුව මුදලට ගත්ත විදිහ පැහැදිලිව සඳහන්කරලා තිබෙනවා. එම නිසා මන්තී‍්‍රවරුන් 118ක් මුදලට ගන්නවාට වඩා තනි පුද්ගලයෙකු මුදලට ගන්න එක වඩා පහසුයි. ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවට ඕන විදිහට හසුරුවාගන්න පුළුවන් වුණා නම් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා මුදලට ගන්න බැහැ කියලා කොහොමද කියන්නේ? මහජන ඡුන්දයෙන් පත්වුණු ජනාධිපතිවරු දින දෙකෙන් මුදලට ගත්ත විදිහ ලෝක ඉතිහාසයේ තිබෙනවා.

ලක්‍ෂ්මන් යාපා කියලා තිබුණා, 20වැනි සංශෝධනයට තම පක්‍ෂය විරුද්ධ බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන බවත්. ඔවුන් එහෙම කියන්නේ අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැති නිසයි. වාසුදේව කියලා තිබුණා, ජේ.වී.පී, එක ගේන නිසා 20ට විරුද්ධයි කියලා. එවැනි දේශපාලන කුහකයින්ද ඉන්නවා. නොකෙරන දේවල් ගැන කියලා 20 මගහරින්න ඔවුන් උත්සාහ කරනවා. සමහරුන්ට වහල් හිමියෙක් ඕනෑ. වහල් හිමියාට කසය දීලා කස පහර කන්න බලාගෙන ඉන්න වහලූන් පිරිසක් අද අපේ රටේ ඉන්නවා. ඔවුන්ට කාගේ හරි ඇෙඟ එල්ලෙන්නේ නැතිව කස පහර කන්නේ නැතිව දේශපාලනයක් නැහැ. අපි ඒ දේශපාලන අනාථයින්ට කියනවා, තමන්ගේ අදහස පැහැදිලිව රටට කියලා ඒ වුවනාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා. 20 තුළ නැති දේවල් කියලා සවුත්තු වෙන්න එපා කියලත් අපි ඔවුන්ට කියනවා.

20 එන්නත් කලින් රට බෙදනවා කියන මතය දැන් පරාජයට පත් වෙලා. හාමුදරුවන් වහන්සේලා පිරිසක් 20 එන්නත් පෙර සඟ සමුළු වක් පැවැත්වූවා. නමුත් අපි 20 පිළිබඳව නායක හාමුදුරුවන් වහන්සේලාට කරුණු පැහැදිලි කරමින් ඉන්නවා. දැන් උන් වහන්සේලා ඇත්ත තේරුම් ගනිිමින් ඉන්නවා. තවත් පිරිසක් තමන්ගේ දේශපාලන බල වුවමනාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් අනාගතයේ තමන්ට ලැබේ යැයි සිතෙන මස් කට්ටක් වෙනුවෙන් කෑ-මොර දෙනවා. රට බෙදනවා කියලා කියනවා නම් මනෝ ගනේෂන්ලා, රාවුෆ් හකීම්ලා ඇයි මේකට විරුද්ධ වෙන්නේ? ඒ නිසා ඒ බොරු තර්ක නිෂේධනය වෙලා යනවා. කාරක සභා අවස්ථාවේ රට බෙදන යෝජනා ඉදිරිපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එවැනි යෝජනා ඉදිරිපත් වුවහොත් අපේ යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

දැනට ව්‍යවස්ථාවේ තිබෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ රාජ්‍යයේ ප‍්‍රධානියා වන්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව තමයි පහුගිය කාලයේ කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් රූකඩ ආයතන බවට පත් කළේ. ජනාධිපතිවරයා සතුව තිබෙන එම අත්තනෝමතික බලය තමයි අහෝසි කරන්න යෝජනා කරන්නේ. නමුත් රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාටයි.

70-77 කාලයේ හිටපු විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා නාම මාති‍්‍රක ජනාධිපතිවරයෙක් පමණයි. ඔහුට බලතල තිබුණේ නැහැ. නමුත් 20න් යම් බලතල ප‍්‍රමාණයක් ජනාධිපතිවරයාට හිමි වෙනවා. පළාත් සභාවල ආණ්ඩුකාරවරයා පත් කිරීම, ඉවත් කිරීම, පළාත් සභා විසුරුවා හැරීමේ බලය දැනට තිබෙන ප‍්‍රතිපාදන අනුව වෙනස් නොවී පවතිනවා.

රට මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයටයි. ජනතා පරමාධිපත්‍යය බලය අනුව ජනතා ඡුන්දයෙන් පත්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් ජනාධිපතිවරයා පත් කිරීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව ජනතා පරමාධිපත්‍යය රැකෙනවා. මොකද, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කියන්නේ ජනතා ඡන්දයෙන් පත්වන ජනතා නියෝජිතයෝයි. ඔවුන් තමයි ජනාධිපතිවරයා පත් කිරීමට ඡන්දය ලබා දෙන්නේ. එයින් ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වෙනවා.

Leave A Reply

Your email address will not be published.