සම්මුතිවාදී ආණ්ඩුවට අදට වසරක් සම්පූර්ණ වේ.
පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 96ක් ලබා ගනිමින් මෙම සම්මුතිවාදි ආණ්ඩුව පිහිටු විය.
මෙහි සැමරුම් උත්සවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් එළඹෙන සිකුරාදා මාතරදී පැවැත්වීමට නියමිතය.