ශ්‍රීලනිප සංවිධායක තනතුරුවලින් ඉවත් කර ආසන ගණනාවක් සඳහා නව ආසන සංවිධායකවරුන් 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කිරීමට පියවරගෙන තිබේ.
ඒ අනුව ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
නව ආසන සංවිධායකවරුන් 16 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙකු මෙලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි භාරගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් ආසන සංවිධායක ධුරයන් දැරූ 13 දෙනෙකුට එම ධුරයන් අහිමි වී තිබේ.
- කැස්බෑව ආසනයේ සම සංවිධායක ධුරය දැරූ ගාමිණි ලොකුගේ එම ධුරයෙන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරු චන්දන කත්‍රිආරච්චි එම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇති බව සඳහන්ය.
- මීරිගම ආසනයේ සම සංවිධායක ධුරය දැරූ කෝකිලා ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරූ සංජය සිරිවර්ධන ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබේ.
- මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ සරත් කුමාර ගුණරත්න ඉවත් කර ඩබ්ලිව්.ඩි.ලලිත් ටෙන්සිල් එම ආසන සංවිධායක ධුරය පිරිනමා ඇති බව වාර්තා වේ.
- දිවුලපිටිය ආසනයේ සම සංවිධායක ධුරය දැරූ උපේක්ෂා ස්වර්ණමාලි ඉන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරූ චන්දන ජයකොඩි ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබේ.
- කළුතර ආසනයේ සම සංවිධායක ධුරය දැරූ රෝහිත අබේගුණවර්ධන ඉවත් කර එහි සම සංවිධායක ධුරය දැරූ සුමිත් ලාල් මෙන්ඩිස් ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇත.
- බේරුවල පුරප්පාඩු වී පවතින සංවිධායක ධුරය සඳහා එම්.එච්.එම්.අම්ජාඩ් පත් කර ඇත.
- වැලිගම නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ මහින්ද යාපා අබේවර්ධන එම ධුරයෙන් ඉවත් කර ඇති අතර ඒ සඳහා හේමාල් ගුණසේකර පත් කර තිබේ.
- බෙලිඅත්ත ආසනයේ පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුරය සඳහා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පත් කර ඇති බව සඳහන්ය.
- කුණ්ඩසාලේ ආසන සංවිධායක ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල ඉන් ඉවත් කර ඇති අතර සුනිල් කිත්සිරි අමරතුංග එම ධුරය සඳහා පත් කර තිබේ.
- වලපනේ ආසන සංවිධායක ධුරය දැරු සී.බි.රත්නායක ඉන් ඉවත් කර ජගත් කුමාර සමරහේවා පත් කර ඇත.
- ඇහැලියගොඩ ආසන සංවිධායක ධුරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි ඉන් ඉවත් කර සරත් සන්දනායක පත් කර ඇති බව වාර්තා වේ.
- කෑගල්ල නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ ජගත් බාලසූරිය ඉන් ඉවත් කර ආනන්ද මිල්ලගොඩ එම ධුරය සඳහා පත් තිබේ.
- ඌව පරණගම ආසන සංවිධායක ධුරය දැරූ ඒ.එම්.බුද්ධදාස ඉන් ඉවත් කර ඩී.එම්.පී.ඒ.දසනායක පත් කර තිබේ.
- හපුතලේ සම ආසන සංවිධායකවරයාව සිටි උදිත් ලොකුබණ්ඩාර ඉන් ඉවත් කර එම ආසනයේ සම සංවිධායක ධුරය දැරූ සුමිත් සමයදාස ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇති බව සඳහන්.