topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජනතාව නොමග යැවීම වැලැක්වීමට මහජන බැංකුව කරුණු දක්වයි.

People's_Bank.jpg
මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත ලබා දුන් මුල්‍ය පහසුකමක් සම්බන්ධයෙන්, පසුගිය දින කිහිපයේ දී විවිධ මාධ්‍ය ආයතන විසින් තොරතුරු වාර්තා කළ බවත් ඇතැම් එවැනි වාර්තා වල දැක්වුණේ, අදාල මූල්‍ය පහසුකම අවිධිමත් ලෙස ප්‍රදානය කිරීමට මහජන බැංකුව කටයුතු කර ඇති බව ලෙසත් මෙම පසුබිම තුළ, අසත්‍ය හා අසම්පූර්ණ තොරතුරු සන්නිවේදනය වීම තුළින් මහජනතාව නොමග යැවීම වැලැක්වීම පිණිස යැයි පවසමින් මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
මාධ්‍ය නිවේදනය
මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත ලබා දුන් මුල්‍ය පහසුකමක් සම්බන්ධයෙන්, පසුගිය දින කිහිපයේ දී විවිධ මාධ්‍ය ආයතන විසින් තොරතුරු වාර්තා කළ අතර ඇතැම් එවැනි වාර්තා වල දැක්වුණේ, අදාල මුල්‍ය පහසුකම අවිධිමත් ලෙස ප්‍රදානය කිරීමට මහජන බැංකුව කටයුතු කර ඇති බවයි. මෙම පසුබිම තුළ, අසත්‍ය හා අසම්පූර්ණ තොරතුරු සන්නිවේදනය වීම තුළින් මහජනතාව නොමග යැවීම වැලැක්වීම පිණිස මෙම කරුණු පැහැදිලි කිරීම ඔබ වෙත යොමු කරන අතර මෙම තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරමින් ජනතාවට සත්‍යය දැනගැනීමට සලස්වන මෙන් ඉල්ලා සිටිමු.
මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත
මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම
එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම 2002 වසරේ සිටම මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙකි. එම වසරේ සිට මේ දක්වා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම කළින් කළ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලබා ගෙන ඇති අතර එසේ ලබා ගෙන ඇති ණය නිසි පරිදි ආපසු ගෙවීම් කර පියවා ඇත.
මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට ණය ලබා දී ඇත්තේ එම සමාගම විසින් මහජන බැංකුවෙන් ලබා ගත් ණය යොදවා ඇති ව්‍යාපෘති පිළිබඳ නිසි ඇගයීමකින් අනතුරුව ය. ණය ලබා දීමේ ප්‍රමාණය සඳහා පදනම් වී ඇත්තේ එම සමාගමේ ව්‍යාපාර පරිමාව සහ එම සමාගම සතු ණය ආපසු ගෙවීමේ හැකියාව ආදිය සළකා බැලීමෙනි.
බැංකුවක් විසින් ස්වාභාවික පුද්ගලයෙකු වෙත හෝ නෛතික පුද්ගලයෙකු, එනම් සමාගමක්, වෙත හෝ ණය ලබා දීම සිදු කරනු ලබයි. මෙලෙස සමාගමකට ණය ලබා ගැනීම සඳහා එයට නෛතිකභාවයක් ලබා දීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ  රටක් තුළ ව්‍යාපාර ප්‍රවර්ධනයන් ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමයි. සමාගමක් වෙනම නෛතික පුද්ගලයෙකු වන නිසා එම සමාගම හා එහි අධ්‍යක්ෂකවරු නීතිය ඉදිරියේ වෙන වෙනම පුද්ගලයින් සේ සැළකේ. එනම් එහි අධ්‍යක්ෂකවරු ඉන් පරිබාහිර වූවකි.
තවද, මහජන බැංකුව විසින් රුපියල් බිලියන දහයක ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට පමණක් නොව වෝක(ර්)ස් සමාගම් සමුහයට (Group of Companies) ය. එහෙයින්, බැංකුව විසින් අදාළ ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයට මිස ජෙහාන් අමරතුංග මහතාට නොවේ. ඔහු එහි සමාගම් අධ්‍යක්ෂවරයෙකු පමණි. ඒ අනුව මෙහිදී, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනම නෛතික පුද්ගලයකු ලෙස සැලකෙන අතර එම සමාගම් සමුහය ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය. එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනත් නෛතික පුද්ගලයෙකු ලෙස සැළකෙන බැවින් එම සමාගම ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය.
එහෙයින්, මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත කිසියම් ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම සමාගමේ කිසිදු අධ්‍යක්ෂකවරයෙකුගේ ණය ගෙවීමේ හැකියාව සොයා බැලීම බැංකුවට අදාළ කරුණක් නොවේ.
මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුවට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එක් වන්නේ 2010 වසරේ දී ය. එකල මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඩබ්ලිව්. කරුණාජීව මහතා ය.
ජෙහාන් අමරතුංග මහතා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත් වන්නේ 2012 වසරේදීය. නමුත්, ඉහත සදහන් කළ පරිදි මහජන බැංකුව සහ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම අතර ව්‍යාපාර සම්බන්ධතාවය ඊට පෙර, එනම් 2002 වසරේ සිට පැවත එන්නකි.
එබැවින් මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය ප්‍රදානය  සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමට ලක් කිරීමත්, එසේ ලබා දෙන ණය පහසුකම් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම විසින් නිසි පරිදි, පොලී මුදල් ද සමඟ යළි ආපසු ගෙවීම් කිරීමත්  ආදී කරුණු සළකා බැලීමෙනි.
ඉහත සඳහන් කළ පරිදි මහජන බැංකුව විසින් යම් සමාගමක ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමේ ප්‍රධාන කාර්යයක් වන්නේ ණය ලබා දීමේදී අදාළ වන සියලුම ණය ප්‍රමිතීන්, අනෙකුත් සියලූම ගනුදෙනුකරුවන් සේම, අදාළ සමාගම විසින් ද සපුරා ඇති බවට තහවුරු කර ගැනීමයි.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා මහජන බැංකුව විසින් අනුගමනය කර ඇති බව තහවුරු කර සිටිමු. මීට අමතරව ජෙහාන් අමරතුංග මහතා විසින් මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ, අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය පහසුකම් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා සපුරාලමින් බව ද තහවුරු කර සිටිමු.
සාමාන්‍යයෙන් සමාගම් සඳහා ඉදිරිපත් කෙරෙන ණය යෝජනා සඳහා අධ්‍යක්ෂ විධායක ණය කමිටුවේ අනුමැතිය ප්‍රමාණවත් වුවත් ඉහත දැක්වුණු ආකාරයේ විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වල එක වැදගත් රෙගුලාසියක් වන්නේ අදාළ ණය යෝජනා සඳහා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි.
ඒ අනුව, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදලට අදාළ ණය යෝජනාව සඳහා ද නිසි පරිදි අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. එසේම, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමුහයට මෙම ණය ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයටම අදාළ සියලු ව්‍යාපෘති පිලිබඳ ස්වාධීන ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුවය. වෝක(ර්)ස් සමාගම් සමූහය විවිධ ව්‍යාපාර කටයුතු වල නිරත වන අතර එම සෑම ව්‍යාපාරයකම ශක්‍යතාවය ඇගයීමෙන් අනතුරුව පමණක් මහජන බැංකුව විසින් ණය ලබා දීම සිදු කර ඇත.
කෙසේ නමුත්, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමූහය වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදල අනුමත කිරීම සම්බන්ධයෙන් ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුව වෙත කිසි ලෙසකින්වත් බලපෑමක් නොකළ බව අවධාරණය කර සිටිමු. මෙවන් වාතාවරණයක් තුළ ඉහත ණය මුදල අනුමත කිරීම මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අදාල නිර්දේශ වලට අනුකූලව ස්වාධීනව සිදු කෙරුණු එකක් බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.
බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන වෙනත් සමාගමකට, අදාළ බැංකුවෙන් ණය ලබා ගැනීම තහනම් කෙරෙන රෙගුලාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට නොමැත. එහෙයින්, මහජන බැංකුවට පමණක් නොව වෙනත් ඕනෑම බැංකුවකට එම බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු වෙත ණය ප්‍රදානය කිරීමේ හැකියාවක් පවතී. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ රෙගුලාසි අනුගමනය කර තිබිය යුතු අතර බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන සමාගමකට, එම බැංකුවෙන්ම ණය ලබා දීමේ දී එසේ අනුගමනය කළ යුතු නීතිරීති මහබැංකුව විසින්ම සම්පාදනය කර ඇත.
ඉහත කරුණු සැළකීමේදී මහජන බැංකුව විසින් ඉහත ණය මුදල එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ප්‍රදානය කිරීමේදී අදාළ ණය ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති අතර  ශ්‍රී ලංකා මහා බැංකු රෙගුලාසි මෙන්ම යහපාලන ප්‍රතිපත්ති ද අනුගමනය කර ඇති බව අවධාරණය කර සිටිමු.
එසේම, ඉහත සමාගම ලබා ගත් ණය පහසුකම් නැවත ගෙවීමේ ක්‍රියාපටිපාටිය සතුටුදායක ලෙස සිදු වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය.
හේමසිරි ප්‍රනාන්දු
මහජන බැංකුව

Leave A Reply

Your email address will not be published.