හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දෙමළ සහ සිංහල පාසල්වල සිසු සිසුවියන් හට රිය නියාමන පත් විම් ලිපි ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කර තිබේ. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 26ක රිය නියාමනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු ලබා දී රිය නියාමනය සඳහා සහභාගි කරවාගෙන ඇති පාසල් සිසුවියන්ට මෙසේ පත්විම් ලිපි ලබාදී ඇත.
රථ වාහන අංශයේ පොලිස් නිලධාරින්ගේද සහයෝගය ඇතිව මෙම පත් විම් ලිපි ලබාගත් සිසු සිසුවියන් ඔහුන්ගේ පාසල ඉදිරිපිට රිය නියාමන රාජකාරි සඳහා යොදවා ගැනිමටද නියමිත බව සඳහන් වේ. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද පත්වීම් ලබාදුන් සිසු සිසුවියන් වෙනුවෙන් රථ වාහන සම්බන්ධව විඩියෝ දර්ශන සහ පරිගනක දත්ත ඔස්සේ මෙතෙක් සිදු වු බිහිසුනු රිය අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරිමක්ද සිදු කර ඇත.