වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න පවසා සිටී. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
එහිදී වැඩිදුරටත් අදහසක් පලකල රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය.