ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවැත්වුණු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වනදා කැඳවීමට වුවත් එහෙත් ඊට එකඟ වී නොමැති කථානායකවරයා එතරම් කල් ගත කළ නොහැකි බවත් මෙම අස්ථාවර තත්වය නැති කිරීම සඳහා අවම වශයෙන් නොවැම්බර් 05 වනදාවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ප්රකාශ කර ඇත.
නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් මතු වුවහොත් අනිවාර්යයෙන් ම නොවැම්බර් 07 වනදා පාර්ලිමේන්තුව කැඳවනු ඇත.