ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්  රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන්  ඉල්ලා අස්වි ඇතිබව වාර්තා වේ.

ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ  පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී  මෙම තීරණය ගෙන ඇත.