sarath_n_silva

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා  වෙත අද ( 23) නොතීසි නිකුත් කර  ඇති  බව  වාර්තා  වේ .

අධිකරණයට අපහාස කර ඇතැයි කියමින්   හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.