තවත් ලියාපදිංචි  මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති  බව  වාර්තා  වේ . එම නිසාම  එම  මුල්‍ය  සමාගමේ  ගනුදෙනු  ශ්‍රී ලංකා මහබැංකුව විසින් සීමාකර ඇත. එසේම  මහා බැංකුව විසින්  කොන්දේසි ගණනාවක් එම  මුල්‍ය සමාගමට  මේ වනවිට  පනවා ඇත.

මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන  ලෙස  මහ  බැංකුව  විසින් දන්වා ඇත.තවද

තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී  ලංකා මහබැංකුව පවසයි.

තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.