පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවි ආඥා පනත යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති , ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි.

එම නියෝගයෙන් පසු අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කළ සමන් දිසානායක  තමා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.