මෙම  පිහිටුවීමට අදාළ කටයුතු අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේ දී හමුවුවද සන්ධානය පිහිටුවීමේ එකඟත්වයක් ඇතිකරගැනීමට නොහැකි වූ බව  සදහන්ය.

එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් සන්ධානය පිහිටුවීමේ කටයුතු දිගින් දිගටම ප‍්‍රමාදවීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යාමේ තත්වයක් උද්ගතව ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් නොකළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණු නායකයින් අතර පවතින මතය ද පැවති හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර  ඇත.