රටේ පවතින දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව පවසමින් හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප පාර්ශ්වයකට සහය දැක්වීමට සූදානම් වේ. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහය දක්වන කණ්ඩායමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ප‍්‍රධාන නිලධාරියෙකු සහ හිටපු අගවිනිසුරුවරයෙකු ද එක්ව සිටින බව වාර්තා වේ.