ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා ලබන සඳුදා දින ( 2019.10.07) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබේ.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇත.