අඟුලාන පොලිසිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරිමට පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඒ ඉකුත් දා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට භාරදී තිබේ.