කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙස අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු අපේක්‍ෂක නාමල් කරුණාරත්න විසිනි.
කුරුණෑගල නගරය මැද පිහිටි ගොඩනැගිල්ල අනවසරයෙන් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කල යුතු යයිද පෙත්සම්කරු පවසයි.