පසුගියදා සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් සිදුවූ විදුලිය බිඳවැටීම පිළීබදව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතලගේ ප්‍රධානත්වයෙන් පත්කළ නියෝජිතයින් නව දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටු වාර්ථාව අද (24) පස්වරුවේ විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට බාරදෙන ලදී.