මෙරට ක්‍රියාත්මක වූ මුස්ලිම් අන්තවාදය සහ සහරාන් හෂීම් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොකරන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (23 ) පැවසීය. එම පරීක්ෂණ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පමණක් සිදු කිරීම ප්‍රමාණවත් බවට එවකට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.