පොල් මිල තීරණය කිරීමට ටේප් පටියෙන් වට ප්‍රමාණය මැනීම ප්‍රායෝගික නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි. අද වන විට පොල්ගෙඩිය සහ ටේපි පටිය රට තුළ හාස්‍යයට ලක් වී ඇති බවත් ඒ ගැන තමන් කනගාටුව පළ කරන බවත් ඔහු කියා සිටියේය. කවුරුන් හෝ ගනු ලැබූ එම තීන්දුව කිසිදු ප්‍රායෝගිකත්වයෙන් තොර එකක් බවද ඒ ඔහු පැවසීය.