ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් රෝහල සංඛ්‍යාවක් නොමැති වීමේ ගැටලුවක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එහි ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කරන්නේ දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බවයි.