දිවුලපිටියේ ඇඟලූම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගෙන් විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. කර්මාන්ත ශාලාවට මෙරට සමාජය තුල සිටි ආසාදිතයකුගෙන් වෛරසය ඇතුළු වීමට කිසිදු හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.