ලබන 12 වනදා සිට ඔක්තෝම්බර් 16 වනදා දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි එක්දින සේවය යටතේ හැදුනුම්පත් ලබා ගැනීම සදහා අංක හා වේලාවන් වෙන් කර ගත් සියළුම ඉල්ලූම්කරුවන් අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් අංශයට සිය ඉල්ලූම්පත් භාර දිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් 011 5 22 61 26, 011 5 22 61 15, 011 5 22 61 00 සහ 011 5 22 61 50 යන දුරකතන අංක මගින් වැඩිදුර විස්තර ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.