topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තියේ තොරතුරු වසන් කරනවා.

කොරෝනා වෛරසයේ නව ව්‍යාප්තිය හා තොරතුරු වසන් කිරීමේ අවදානම සම්බන්ධවයි.

 

COVID 19 වසංගත තත්ත්වය මෙරට තුළ ව්‍යාප්ත වීමේ බරපතල අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව ඇත. නමුත් මේ පිළිබඳ නිවැරදි තොරතුරු සමාජගත කිරීමේ බරපතල ගැටළුවක් තිබෙන බව අද (10) දවසේ අප හට වාර්තා වූ තොරතුරු මඟින් පැහැදිලි වේ.

 

එනම් මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෝදරියකට COVID 19 අසාදනය වී ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් තහවුරු කර තිබීමයි. අද උදෑසන වන විට අදාළ පරීක්ෂණයේ තහවුරු කරන ලද ප්‍රතිඵල ලැබී තිබුණද අප මේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන මොහොත වන විටත් COVID 19 ව්‍යාප්තිය සම්බන්ධ රජයේ නිල නිවේදන නිකුත් කරන කිසිඳු ආයතනයකින් ඒ පිළිබඳ නිල ප්‍රකාශ හරහා කිසිඳු දැනුවත් කිරීමක් සිදු කර නොතිබිණ.

 

අදාළ සහෝදරිය ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ, තීරණ විද්‍යා අධ්‍යයන අංශයේ, තෙවන වසරේ ඉගෙනුම ලබන අතර පසුගිය 04 වනදා ඇය විශ්වවිද්‍යාලයේ දේශනයකටද සහභාගී වී ඇත. මෙම සහෝදරිය තවත් සහෝදරියන් කිහිප දෙනෙකු සමඟ නේවාසිකව සිට ඇත්තේ විශ්වවිද්‍යාලය අසල බෝඩිම් කාමරයකය.

 

මෙම කරුණු අනුව තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් පවතී. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සිසුන් විශාල පිරිසක් ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානයකින් ආසාදිතයෙකු වාර්තා වූ වහාම එම තොරතුරු සමාජයට ලබා දිය යුතු නොවේද? සතුරු පාර්ශව වෙත තොරතුරු ලැබීම වැළැක්වීමට තොරතුරු වසන් කිරීම සිදු වන්නේ සාමාන්‍යයෙන් යුධමය අවස්ථාවකදී උපක්‍රමයක් ලෙසයි. නමුත් වසංගතයක් මර්දනය කිරීමේ උපායමාර්ගය විය යුත්තේ හැකි තාක් නිවැරදි තොරතුරු සමාජගත කිරීමයි. ජනතාව දැනුවත් කිරීමයි. ඒ හරහා ජනතාවට වගකීම් සහගත වීමට අදාළ පසුබිම සකස් කිරීමයි.

 

විවෘත විශ්වවිද්‍යාලය තුළද අධ්‍යයන කටයුත්තකට සහභාගී වී සිටි සහෝදරයෙකුගේ මවට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වීම නිසා ඔහුව PCR පරීක්ෂණයට යොමු කර තිබුණේ පසුගිය 07 වනදාය. නමුත් මේ වන විටත් එහි ප්‍රතිඵල නිකුත් නොවීම නිසා ව්‍යාකුල තත්ත්වයක් පන නැගී ඇත.

 

ආණ්ඩුව COVID 19 ජයගත් බවට මැතිවරණ ව්‍යාපාරය පුරා මාධ්‍ය සංදර්ශන පැවැත්වීය. එම නිසාම දැනුදු ආණ්ඩුව මෙය සාර්ථකව මර්දනය කරන බව ඇඟවීමට තොරතුරු වසන් කරමින් සිටී. BRANDIX ආයතනය ආශ්‍රිතව වෛරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ තොරතුරු ද තවමත් නිවැරදිව වාර්තා නොවීමෙන් ව්‍යකූලත්වයක් නිර්මාණය වී ඇත. අසත්‍ය තොරතුරු වසන් කරන්නන් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට විශේෂ කණ්ඩායම් යොදවන ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කිරීමට කටයුතු කිරීම ජන ජීවිත බරපතල අවදානමකට ලක් කිරීමක් නොවන්නේද?

 

පසුගිය මාර්තු, අප්‍රේල් මාසවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේදීත් ඇතැම් වගකිවයුතු බලධාරීන් හා ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරනු ලැබුවේ වසංගතය පාලනය කිරීම යුධ මෙහෙයුමක් සේ සලකාය. එම නිසා පසුගිය කාලය පුරා සිදුවූයේ රෝගීන් සෙවීමක් නොව අපරාධකරුවන් ලුහුබඳිනවා වැනි මෙහෙයුම්ය. ඒ අනුව අසවල් දිනට පෙර භාරවීම, එසේ නොමැති වුවහොත් දේපල රාජසන්තක කිරීම වැනි ප්‍රකාශ හමුදාපතිවරයා හා පොලිස් ප්‍රධානීන්ගෙන් නිරන්තර වාර්තා කිරීම් සිදු විය. මෙමගින් රෝගීන්, රෝග ලක්ෂණ සහිත වූවන් හා ආශ්‍රිතයින් ඉදිරිපත්වීමට හා තොරතුරු ලබාදීමට මැලි වීම හරහා සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී ඇත.

 

එසේම පසුගිය මාර්තු අප්‍රේල් කාලය තුළ වසංගතය ව්‍යාප්ත වීමේ තත්ත්වය තුළ ක්‍රියාකාරීව සිටිමින් සමාජය දැනුවත් කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් බාධාවන් මධ්‍යයේ වුවත් තම වගකීම කැපවීමෙන් ඉටු කරනු අපට දක්නට ලැබිණ. නමුත් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීම් වාරණය කිරීමට චක්‍රලේඛ පවා නිකුත් කිරීමට ආණ්ඩුව කටයතු කර ඇත. ඒ වෙනුවට මිලිටරි යාන්ත්‍රණය හා ආණ්ඩුවේ ව්‍යූහයන් කිහිපයක් පමණක් ඊට යොදවා තිබීමෙන් පවතින තත්ත්වය වඩා සංකීර්ණ වී ඇත.
සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය වාර්තා අනුව සෞඛ්‍ය බලධාරීන් මඟින් වාර්තා වන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන් හමු වීම, නිරෝධායනයට ලක්වීම සිදු වන බවයි. එසේ නම් අප ආණ්ඩුවට හා අදාළ බලධාරීනට දැඩිව අවධාරණය කරනුයේ වහාම සත්‍ය තොරතුරු සමාජගත කිරීමට කටයුතු කරන ලෙසයි.
අවසාන වශයෙන් මෙම වසංගතය ජයගත හැකි එකම මාර්ගය සාමූහික වගකීමෙන් කටයුතු කිරීමයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමයි.

 

පසුගිය කාලය පුරා ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු බලවේග මේ පිළිබඳ කරුණු දක්වද්දී, සටන් වදිද්දී සෞඛ්‍ය, අධ්‍යාපනය විකිණීමට කටයුතු කළ යුතු බවට වහසිබස් දෙඩූවන් දැන් කුමක් පවසන්නේද? එක දිනකට ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වෙද්දී පොදු සෞඛ්‍ය සේවා ශක්තිමත් නොවීමේ අර්බුදයට අපට මුහුණ දීමට සිදුවනු නො අනුමානය. එසේනම් දැන්වත් නිදහස් සෞඛය, නිදහස් අධ්‍යාපනය, සාමුහික වගකීම් වර්ධනය කිරීමට සමාජයක් ලෙස සටන් වැදිය යුතුය.

මෙයට,
රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

Leave A Reply

Your email address will not be published.