බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,397ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4,844 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 1,514 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.