ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද තමන්ට 20 වැනි සංශෝධනයට පක්ෂපාතිව ඡන්දය දීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ක්‍රියාදාමයේ කොටස්කරුවකුව සිටි බව පවසන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඇත්තේ එම ක්‍රියාවලිය වෙනස් කිරීමේ සංශෝධනයකට හෘදයසාක්ෂියට එකඟව සහයෝගය දිය නොහැකි බවයි.
තමන් නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු කුමන තීරණයක් ගනීද යන්න කිව නොහැකි නමුත් තමන්ට මේ සඳහා පක්ෂව ඡන්දය දිය නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සිය ලිපියේ අවධාරනය කර ඇති බවද වාර්තා කරයි.