topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් සඳහා තවත් වසර දෙකතුනක කාලයකට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි.

පසුගිය සති හතරේදී කොවිඞ් 19 වසංගතය පැතිරීම ඉතාම බරපතල තත්වයකට පත්වෙලා තිබෙනවා. මා වසංගත රෝග විද්‍යාඥවරෙයක් හැටියට මේ තත්වය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ජනතාවට වැදගත් වෙනවා. මාර්තු මාසයේ ඉඳලා රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවෙලා නැවත ඉතා වේගයෙන් රෝගීන් වාර්තා වෙනවා. බෝවෙන රෝගයක් සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු මූලික විද්‍යාත්මක කරුණු කිහිපයත් තියෙනවා. රෝගකාරකයා (රෝගය ඇතිකරන විෂබීජ), රෝගය ධාරකයා (රෝගයට ගොදුරුවන මනුෂ්‍යයා), රෝග කාරකයාත් ධාරකයාත් අතර තිබෙන පරිසරය ඒ කරුණුයි.

 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තිබෙන තොරතුරු අනුව හෙළිවී තිබෙන්නේ මාර්තු, අප්‍රේල් කාලවල පැතිරුණු වෛරසයට වඩා වෙනත් ප්‍රභේදයකින් පැතිරී යන බවයි. වසංගතයේ මුල් කාලයේ ලෝකයේ කවුරුත් මේ වෛරසය ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් ගෙවී ගිය කාලය තුළ විශාල අවබෝධයක් පර්යේෂණ මගින් ලබාගෙන තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තිබෙන්නේ මේ වෛරසය ඊ1-42 ප්‍රභේදයට අයත් බවයි. මීට කලින් සොයාගෙන තිබුණු ප්‍රභේදවලට වඩා මේ වෛරසයේ බෝවීමේ ප්‍රවණතාවය සහ වෛරස සාන්ද්‍රණය ඉහළ බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා වැඩි වශයෙන් පැතිරෙන්න ඉඩ තිබෙනවා. කොළඹ, මිනුවන්ගොඩ, පෑලියගොඩ, බේරුවල තත්වයන් අනුව පර්යේෂකයින්ගේ සොයාගැනීම බොහෝදුරට නිවැරදි බව අපිට පැහැදිලි වෙනවා. මේ දැනුම අපිට මුලින් තිබුණේ නැහැ. රෝග වැළැක්වීමේ කටයුතුවලට මේ නව දැනුම වැදගත් වෙනවා.

 

සියලු වයස් කාණ්ඩවල මිනිසුන්ට මේක වැළඳෙනවා. නමුත් මුල් කාලයේදී සමාජයේ සක්‍රීය අයට වැඩිපුර වැළඳෙන බව පැහැදිලි වුණා. බෝවීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසාම සෞඛ්‍යමත් කෙනෙකුට වැළඳුනත් ඔහුට රෝග ලක්ෂණ නැතිවුනත් නිවෙසට ගියාම දෙමාපියන්ට, දරුවන්ට වැළඳීමේ බරපතල අනතුරක් තිබෙනවා. ඒ නිසා වැඩිහිටියන්ට සහ වෙනත් රෝගීන්ට වැළඳීම අවම කරගත යුතු වෙනවා. නාගරික ප්‍රදේශ, වතු ආශ්‍රිත ප්‍රදේශ, අඩු පහසුකම් තිබෙන මහල් නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, හමුදා පොලිස් බැරැක්ක, සිර කඳවුරු වගේ ජනතාව වැඩිපුර කේන්ද්‍රගතවන තැන් ගැන විශේෂ අවධානය යොමුකළ යුතුයි.

 

විශේෂයෙන්ම නාසයෙන් වෛරසය ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. කිවිසුම් යාම, කැස්ස මගින් එළියට එන බිදිති අත්වල තැවරීමෙන් පසු නාසයෙන් මුඛයෙන් ශරීරගත වෙනවා. නාසය වැසෙන්න මුඛ වැස්මක් සහ අත්වැසුම් පාවිච්චිය වැදගත් වෙන්නේ මේ නිසා. සෙම්ප්‍රතිෂ්‍යාවක් හෝ කැස්සක් තියෙනවා නම් තමන්ගේ නිවස තුළ වුණත් මුව වැස්මක් පාවිච්චි කිරීම වැදගත්. නිවසින් පිට යෑමේදී මුඛ වැස්මක් අනිවාර්ය වෙනවා. පරිසරයේ තිබී අත්වල දැවටෙන වෛසරය විනාශ කරන්න අත් සේදීම වැදගත්. මෙයින් තමන්ට වැලඳීමත් තව කෙනෙකුට සම්ප්‍රේෂණය වීමත් වැළකෙනවා. වාතාස්‍රය නොමැති තැනක වැඩි පිරිසක් රැඳී සිටීමද අවදානම්.

 

අද වනවිට වැඩිපුර සාකච්ඡාවට ලක්වෙන්නේ වෛරසය සමාජගතවීම ගැන. සමාජගත වීම කියන්නේ මූලාශ්‍රය සොයාගන්න බැරිවුණු තත්වයක්. අපිට තියෙන අත්දැකීම් අනුව 95%ක වැඩි ප්‍රමාණයක මූලාශ්‍රය සොයාගන්න හැකිවී තිබෙනවා. නමුත් රෝග ලක්‍ෂණ නොමැති ආසාධිතයින් සමාජයේ ඉඳීමේ අනතුරක් තිබෙනවා. මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යාවශ්‍යයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඕනෑ මේ නිසා. අපේ රටේ හැකියාව අනුව ගැලපෙන්නේ ඉල්කකගත කණ්ඩායම් සඳහා පී.සී.ආර්. පරීක්‍ෂණ කිරීමයි. රෝහල්වල, ප්‍රතිකාර මධ්‍යස්ථානවල, නිරෝධායන කඳවුරුවල ආසාධිතයින්ට ප්‍රතිකාර කරනවා. මේ මධ්‍යස්ථානවල සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්‍ෂාවීම වැදගත්. මහජතාවත් ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්. තවත් අවුරුදු දෙක තුනක් මෙවැනි පොකුරු ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය කාර්යමණ්ඩලවල සියලුදෙනාට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම, ජනතාවගේ චර්යාත්මක වෙනස්කම් කිරීම, දැනුවත් කිරීම සඳහා ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ සියලුම අයගේ වගකීමක්. රටේ වැඩිහිටි ජනතාවගෙන් 1/3ක් පමණ සාමාන්‍ය පෙළ පවා අසමත් වූවන්. ඔවුන්ට මේ ගැන තිබෙන අවබෝධය අඩුයි. මුඛ වැස්මක් පාවිච්චිය, විෂබීජ නාශක භාවිතය, මීටරයක් දුර පවත්වා ගැනීම වගේ අත්‍යාවශ්‍ය දේවල් ඔවුන් නොසලකා හරින්න පුළුවන්. එනිසා ඔවුන් දැනුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක්. රෝග වැළැක්වීමේ කාර්යයට ජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව කරගෙන යාම අත්‍යාවශ්‍යයි.

 

වසංගතය වළක්වා ගන්න සෘජු ක්‍රියාමාර්ග වගේම ජනතාවගේ සමාජයීය ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමට ඉක්මනින් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයයි. අපි කැමති වුණත් නැතත් නිවසේ සිට රැකියා කිරීම කළ හැකි අයට මග පෙන්වන්න රජයත් පෞද්ගලික අංශයත් සැලසුම් කළ යුතුයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ලබාදීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම, හදිසි ඇමතුම් දුරකතන අංකවලට ලැබෙන ප්‍රතිචාරවලට ක්‍ෂණිකව ක්‍රියා කිරීමට යාන්ත්‍රණයක් ඇති කිරීම ඉතා වැදගත්. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට අදාල පහසුකම් සැලසීමත් අවශ්‍යයි.

 

මේ වෛරසය පැතිරීම පිළිබඳව අපි ලබාගන්න දැනුම හැමදාම අලුත් වෙනවා. විවිධ අය ළඟ විසිරී තිබෙන දැනුම ඒකරාශී කරගන්න ජාතික යාන්ත්‍රණයක් ඇති කිරීම අවශ්‍යයි. එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තුරු සහ මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වනතුරු මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අවුරුදු දෙකතුනකට අදාලව පොදු යාන්ත්‍රණයක් සකස් කරගන්න ජාතික ජන බලවේගය හැටියටත් ජාතික විද්වත් සංවිධානය හැටියටත් අපේ උපරිම සහයෝගය ලබාදෙන්න අප කැපවී සිටින බව යළිත් අවධාරණය කරනවා.

 

ජාතික විද්වත් සංවිධානයේ  ප්‍රධාන ලේකම්,  විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ.

Leave A Reply

Your email address will not be published.