කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිසා කුණුහරුපෙන් බැණ පහරදුන් බවත්, ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බව මත්තල ලංකාදීප වාර්තාකරු දීලිප් රෝෂාන් හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කර ඇත. නාවික හමුදාපති තමාට පහරදුන් ආකාරය පිළිබඳව සිය පැමිණිල්ලේ සවිස්තරව කියා ඇති බව වැඩි දුරටත් ඔහු සදහන් කර සිටියි.