මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබේ.
ඒ සමඟ ඇයගේ හය මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට දියතලාව ප්‍රදේශයේ වෛද්‍ය කඳවුරකට රැගෙන ගොස් තිබිණි. ගමන් විඩාව ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඇයට සිය දරු ගැබ අහිමිවී ඇති බව වාර්තා වේ.
ඇයට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත නොමැති බවට ද තහවුරු වී තිබේ.