ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් වී ඇතැයි වාර්තා වේ. මැලියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එකම පවුලේ 05 දෙනෙකු ආසාදනය වී ඇති අතර එම පවුලේ දරුවන් දෙදෙනෙකු අහංගම රෝහණ විද්‍යාලයේ ඉගෙනුම ලබති. ඉන් එක් දරුවෙකු පමණක් පාසල් ගොස් ඇති අතර පාසල විෂබීජහරණයට ලක් කර ඇත. මෙන්ම වැල්හේන්ගොඩ ගුණරතන විද්‍යාලයේ සිසුවෙකුද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.