topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට බේරගන්න ආපු ජනාධිපති කොමිෂන් දාලා හොරු බේරගන්නවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ පිටු 2,000කට වැඩි වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ අරමුණ දේශපාලන පලිගැනීම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්න නියමිතයි. ඉදිරිපත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇමුණුම් 3ක් තිබෙනවා.

 

පළවැනි ඇමුණුම දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය සිදුකළ පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්. මෙයට අදාළව චූදිතයන් 22ක් නම්කර තිබෙනවා. ඇමුණුම් 02 සහ ඇමුණුම් 03 තුළ විශාල නඩු ප්‍රමාණයක් ඉවත් කිරීමේ නිර්දේශ ඇතුළත්. දෙවැනි ඇමුණුමෙන් මහාධිකරණයේ විභාගයට ලක්වන නඩු 61ක් ඉවත් කරගන්න නිර්දේශ කර තිබෙනවා. තුන්වන ඇමුණුමෙන් නඩු 18ක් ඉවත්කර ගන්න නිර්දේශ කරනවා. නඩු 79ක් ඉවත් කරගන්න කොමිසම නිර්දේශ කරන අතර මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත් ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම් දීමත් නිර්දේශ කර තිබෙනවා. ගැටළුව තිබෙන්නේ මෙතැනයි.

 

හැම ආණ්ඩුවක්ම විශාල වශයෙන් වංචා දූෂණ සිදුකළා. ඊට විරුද්ධව විශාල ජන මතයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ දූෂණ විරෝධී හඬ පිහිටුවාගෙන මහජන මුදල් වංචා කළ අයට එරෙහිව විශාල පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබෙනවා. මහාධිකරණයේ නඩු විභාග කරමින් තිබියෙදී ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කර දේශපාලන පලිගැනීම් නිවැරදි කරන නාමයෙන් අධිකරණයේ නඩු ඉවත් කරගන්න කරන උත්සාහයක් මේක. රාජපක්‍ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කරගැනීමට මේ කොමිසම පත්කළ බවත් අපි ඒ කාලයේදීම ජනතාවට කිව්වා. ඇමුණුම් දෙකක තිබෙන නඩු 79ක් ඉවත් කර ගෙන නඩු පවරපු අයට දඬුවම් කරන්න සූදානම් වෙන්නේ මේ නිර්දේශ අනුවයි. මෙය ඉතා බරපතල තත්වයක්. ඇමති මණ්ඩලයෙන් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරගන්නකොට මහාධිකරණයෙන් නඩුවක් පැවරී තිබෙන උදය ගම්මන්පිල මහත්තයා ඒ වෙනුවෙන් අත උස්සනවා. එයා නඩුවක් තියෙන කෙනෙක්. තමන්ගේ නඩුව ඉවත් කරගන්න තමන්ම අත උස්සනවා.

 

දේශපාලන පළිගැනීම් කියලා නම් කළත් මේ තියෙන්නේ එහෙම නඩු නෙවෙයි. පවතින ආණ්ඩුවක් දේශපාලන හේතුන් මත රාජ්‍ය නිලධාරීන් මාරුකිරීම, උසස්වීම් අත්හිටුවීම, වැඩතහනම් කිරීම වගේ තීන්දු තමයි දේශපාලන පලිගැනීම් ලෙස ගැනෙන්නේ. නමුත් මේ නඩු රහස් පොලීසිය, පොලීසිය නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ පිළිගත් ආයතන පරීක්‍ෂණ පවත්වලා නීතිපතිවරයාගේ නිර්දේශ මත නැත්නම් අල්ලස් කොමිසම විසින්ම මහාධිකරණවල පැවරූ නඩු. මේ පවරපු නඩු මහාධිකරණයෙන් භාරගෙන තිබෙනවා. නඩු නිමිත්තක් නැත්නම් මහාධිකරණය නඩු භාරගන්නේ නැහැ. භාරගත් නඩුව අවුරුදු කිහිපයක් විභාග වෙමින් තිබෙනවා. ඒවා ඉවත් කරගන්න කියලා කොමිසමකින් නිර්දේශයක් දෙනවා. රටේ පිළිගත් ආයතන විසින් පවරපු නඩු විභාගවීම, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ කිසිවක් මේ ආණ්ඩුවට අදාල නැහැ.

 

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාම බරපතළ ලෙස සලකනවා. ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් පෙළ ගස්වනවා. මේක මෙහෙම සිද්ධ වෙන්න ගත්තොත් බරපතළ පූර්වාදර්ශයක් බවට පත්වෙනවා. මේ නඩුවලින් විශාල ප්‍රමාණයක් මහජනතාවගේ සල්ලි හොරකම් කරලා වංචා කරලා ඉන්න අය සම්බන්ධයෙන් පවරලා තිබෙන්නේ. අධිකරණය හමුවේ ඔවුන්ගේ නිර්දොෂීභාවය ඔප්පු කරලා නිදහස් වෙන්න පුලුවන්. තමන් නිර්දෝෂී නම් නඩුවලට ඉදිරිපත්වී ඒ බව ඔප්පු කරනවා වෙනුවට කොමිෂන් සභා හරහා නිදහස් වීමයි මේ සිදුවෙන්නේ. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් වගේම අධිකරණයට අපහාස කිරීමක්. ඇත්තටම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ වෙන්නේ මේකෙන්. අපේ රටේ අධිකරණය පිළිබඳව අපි කාටත් විවේචන තිබෙනවා. දේශපාලන ඇඟලිගැසීම් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් ඒ තුළ පවා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙන්නේ අධිකරණය හරහායි. කොමිෂන් සභාවක් මැදිහත් වෙලා නඩු ඉවත් කරගන්න යනකොට අධිකරණයේ කාර්යභාරය පැත්තකට දානවා. නීතිපති ළවා නඩු ඉවත්කරගන්නවා නම් එක පැත්තකින් අධිකරණය අක්‍රීය කරනවා, අනික් පැත්තෙන් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කර අධිකරණ ක්‍රියාවලියට අපහාස කරනවා.

 

මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය කියන ආයතනික පිළිවෙළක් තිබෙනවා. යම් අධිකරණයකදී දෙන තීන්දුවක් සම්බන්ධයෙන් ඊට ඉහළ අධිකරණයකට පැමිණිලි කරන්න පුළුවන්. මේ සියල්ල පැත්තකට දාලා කැකිල්ලේ අධිකරණය වගේ කොමිසමකින් ගත් තීන්දුවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න යනවා. මේක ඉතා බරපතළ තත්වයක්. අධිකරණයේ තිබෙන නඩු පවරා තිබෙන්නේ අල්ලස් කොමිසම නැත්නම් නීතිපතිවරයා. කොමිසමේ වාර්තාව අනුව මේ නඩු ඉවත් කරගන්න නම් නීතිපති උසාවි යන්න ඕනෑ. නීතිපති නඩු දාලා ඒ නීතිපතිම ගිහිල්ලා නඩු අයින් කර ගන්නවා. අල්ලස් කොමිසමත් එහෙමයි. එතකොට එහෙම නීතිපති දෙපාර්තමේන්තුවකින්, අල්ලස් කොමිසමකින් වැඩක් තියෙනවාද? මේ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ නැති බව අපි හොඳටම දන්නවා. මේ කොමිසම හමුවේ සාක්‍ෂි ගන්න නීතිපති දෙපාර්තමේන්තුවටත් එන්න කිව්වා. නීතිපතිතුමා ඊට විරෝධය පළකළා. මේ කොමිෂන් එක ව්‍යවස්ථාවටත් විරුද්ධ බව ප්‍රකාශ කර නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්‍ෂේප කළා. අධිකරණයෙනුත් තහංචි දැම්මා.

 

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තියෙන නඩුව ඉවත් කරගන්න මේ කොමිෂන් එකට ගියා. අධිකරණය ඊට විරුද්ධව තීන්දුවක් දුන්නා. මේ කොමිසම අපේ රටේ වංචා දූෂණ නැවැත්වීමට තිබෙන ආයතන පද්ධතියම හෑල්ලුවට ලක්කරනවා. මේ කොමිසම රාජපක්‍ෂවරුන්ගේ නඩු බේරාගැනීම වෙනුවෙන් හොර පාරක ඇවිල්ලා අධිකරණ ක්‍රියාවලියට අත තැබීමක්. අනික් පැත්තෙන් දූෂිතයන්ට ලයිසන් දීමක්. මේකෙන් වෙන්නේ දේශපාලඥයින් බය නැතිව මහජන ධනය හොරකම් කරන්න විශාල වශයෙන් පෙළඹවීමක්. අන්තිමේදී රජයේ ආයතනවලටත් මහජනතාවටත් ආණ්ඩුවලට සම්බන්ධ හොරු භය නැති තත්වයක් ඇති වෙනවා. මෙවැනි ක්‍රියාවලියක් යනකොට අල්ලස් කොමිසම මොනවා කරන්නද? අනික් පැත්තෙන් දූෂණයට එරෙහිව කටයුතු කරන ආයතන සහ නිලධාරීන් බියට පත්වෙනවා. අකර්මණ්‍ය වෙනවා. ආණ්ඩුවේ දූෂණ හොයන්න පෙළඹෙන්නේ නැහැ. රටක මෙවැනි දේවල් සිදුවෙනවා කියන්නේ එය ම්ලේච්ඡත්වයට ගමන් කිරීමක්.

 

ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. අධිකරණ ක්‍රියාවලියක් නැහැ. විනිවිදභාවයක් නැහැ. එතකොට රටකට මොකක්ද වෙන්නේ? මේ ක්‍රියාවලිය විසින් අපේ රටත් ජනතාවත් ලෝකය ඉදිරියේ අවමානයට පත්කරනවා. අනික් පැත්තෙන් විරුද්ධවාදීන් බිය වැද්දීමටත් උත්සාහ කරනවා. කොමිසමෙන් චූදිතයන් කර සිටින නම් ලැයිස්තුවේ අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ නමත් තියෙනවා. මේකට අපේ නම් දැම්මට අපි බය නැහැ. අපි හැමදාමත් වංචා-දූෂණ හෙළිකරන්න කටයුතු කරනවා වගේම අධිකරණයේ නඩු පවරලත් තියෙනවා. ඒක අපේ අයිතියක්. අපි පැමිණිලි කළ දේවල් ගැන සොයා බැලීමත් අපි කළා. පැමිණිළි කරපු එක වැරදියි කියලා ආණ්ඩුව දැන් කියනවා නම් අපි ඒක පිළිගන්නේ නැහැ. මේ වගේ කොමිෂන් වාර්තාවලට අපේ නම් දාලා අපිව බය වද්දන්න ආණ්ඩුවට බැහැ. වංචා-දූෂණවලට එරෙහි සටන අපි නවත්වන්නේ නැහැ. දූෂිතයන්ට සහ දූෂිතයින් ආරක්ෂා කළ පුද්ගලයින්ට අනුර දිසානායකත් ජවිපෙත් විශාල බාධාවක් වෙලා. ඒ නිසා බය වද්දන්න උත්සාහ කරනවා. කොමිසමකට එන්න කිව්වොත් අපි කොමිසමේදී දූෂිතයින් හෙළිදරව් කරන්න කෙලින් වැඩ කරනවා.

 

අනුර දිසානායක සහෝදරයා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. අපේ පක්ෂයේ නායක අනුර සහෝදරයාත් කටයුතු කරන්නේ පක්ෂයේ තීන්දු තීරණ අනුවයි. වෙන පක්ෂ වගේ නෙවෙයි. අපි තනි පුද්ගලයෝ නෙවෙයි. අපේ පක්ෂයේ තනි තනි පුද්ගලයින් බියවැද්දීමට සූදානම් වෙනවා නම් අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. හැම තැනින්ම මේ ආණ්ඩුව අසමත් වෙලා. මේ තියෙන මට්ටමින්වත් අධිකරණය පවතින්න ඕනෑ කියලා විශ්වාස කරන අය, අල්ලස් දූෂණ කොමිෂන් සභාව තියෙන්න ඕනෑ කියලා හිතන අය සියලු දෙනාම අපි ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව පෙළ ගස්වනවා. මේ විරෝධය ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙනියන්න අපි සූදානම්. දූෂිතයන් හෙලිදරව් කළ අයට විරුද්ධව කටයුතු කරනවා නම් ආණ්ඩුවේ එම උත්සහය පරාජයට පත්කරන්න අපි සූදානම්. සමහරු මේ ජනාධිපතිව පත්කර ගත්තේ රට රකින්න කියලා. ඒත් ජනාධිපති දැන් බේරන්නේ රට නෙවෙයි, මහජන ධනය හොරකම් කරපු වංචනිකයො, දූෂිතයෝ. දූෂිතයෝ බේරන්නත් කොමිෂන් පත්කරගෙන ජනතාවගේ සල්ලි වියදම් කරනවා. මේ ක්‍රියාමාර්ග බියගුළුයි, ලැජ්ජා සහගතයි. කොන්ද පණ නැති ක්‍රියාවලියක්.

 

අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ මේ උත්සාහය පරද්දන්න එකතු වෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි හැම උත්සාහයක්ම හැම තැනකදීම ගන්නවා. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ දැන් වැටී තියෙන තත්වයෙනුත් පහළට වැටෙන්න එපා කියලයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

Leave A Reply

Your email address will not be published.