topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් එන්නත්කරණයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කොට තිබෙනවා.

අපි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තිබෙන විද්‍යාත්මක ක්‍රමය එන්නත්කරණය බව 100%ක්ම පිළිගන්නා දේශපාලන පක්‍ෂයක්. අපි කාලිඅම්මාගේ පැණි පස්සේ, ඒලියන්ත වයිට්ගේ මන්ත්‍ර පස්සේ දුවපු පක්‍ෂයක් නෙවෙයි. අපි හැම වෙලාවේම විද්‍යාත්මක කරුණු මත පදනම්වී වසංගතය මැඩපැවැත්විය යුතු යැයි විශ්වාස කරපු පක්‍ෂයක්. ඒ සඳහා වසර 2100ක් පැරණි අපගේ පාරම්පරික දේශීය වෙදකම මගින් ඖෂධයක් තිබෙනවා නම් ඒවා පිළිගැනීමටද සූදානම්. නමුත් මේ මොහොත වනවිට විද්‍යාත්මකව තහවුරුවී තිබෙන්නේ ඊට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි. හිටපු සෞඛය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කියා තිබුණා, කොවිඩ් වසංගතය තුරන් කිරීමට අවම වශයෙන් 70%කට එන්නත ලබාදිය යුතුයි කියලා. එය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් මතය. ලෝක ජනගහනයෙන් 70%ක් ලෙස ගතහොත් එම ප්‍රමාණය බිලියන 05ක් පමණ වෙනවා. මාත්‍ර දෙකක් සඳහා එන්නත ලබාදෙනවා නම් එන්නත් නිෂ්පාදන සමාගම් විසින් එන්නත් බිලියන 10ක් පමණ නිෂ්පාදනය කළ යුතු අතර එය අසීරු අභියෝගයක්. එනිසා සියලු තත්වයන් සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් ලබාදීම පිළිබඳ මාර්ගෝපදේශයන් සකස්කොට තිබෙනවා.

 

අපේ රටට අදාලව ගතහොත් ජනගහනයෙන් ලක්‍ෂ 140කට එන්නත ලබාදිය යුතු අතර මාත්‍රා දෙකක් සඳහා එන්නත් ලක්‍ෂ 280ක් අවශ්‍යයි. නමුත් එය අප වැනි රටකට අසීරු කාර්යයක්. එනිසා අපට ලැබෙන සීමිත එන්නත් ප්‍රමාණය සැලකිල්ලට ගතහොත් එන්නත ලබාගැනීමට මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශණයන්ට අනුරූප වන පරිදි අපේ රටට ගැලපෙන පරිදි මාර්ගෝපදේශනයන් ප්‍රමාණයක් බෝවන රෝග සඳහා උපදේශන කමිටුව සහ ජාතික ප්‍රතිශක්තීකරණ උපදේශන කමිටුව මගින් සකස්කොට ආණ්ඩුවට ලබාදුන්නා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අදහස වූයේ එන්නත් කුඩා ප්‍රමාණයක් රටකට ලැබෙන මොහොතකදී එය යොදාගත යුත්තේ කොවිඩ් වසංගතයෙන් සිදුවන මරණ ප්‍රමාණය අවම කරගැනීම සඳහා බවයි. එනිසා අපේ රටේ ජාතික එන්නත්කරණ සැලැස්ම සකස් කළේ මරණ ප්‍රමාණය අවම කරගැනීම සඳහායි. එහි සඳහන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයයි. ඊළඟ පියවර වූයේ කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ක්‍රියාකාරී පුද්ගලයින් වන පොලීසිය සහ යුද හමුදාව ඇතුළත් ආරක්‍ෂක අංශයි. ඊළඟ පියවර අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග සහිත පුද්ගලයින්. මොකද පසුගිය කාලයේ මෙරට මියගිය වැඩි ප්‍රමාණයක් නිදන්ගත රෝගවලින් පෙළුනු අයයි. එනිසා අපට මුලින්ම ලැබුණු එන්නත් ලක්‍ෂ 05 උපයෝගී කරගත යුතු වූයේ මෙම ප්‍රමුඛතා ලැයිස්තුව අනුවයි. නමුත් අද එම ජාතික එන්නත්කරණ සැලැස්මට මොකද වෙලා තිබෙන්නේ? “එන්නත් විදින්නත් ප්‍රභූ ලැයිස්තු”. මේ ඉරිදා පුවත්පත් වාර්තා කරන්නේ මෙහෙමයි. අපි අහනවා ආණ්ඩුවෙන් ජාතික එන්නත්කරණ සැලැස්මේ ප්‍රභූ ලැයිස්තු තිබෙන්නේ කොතැනද කියලා? හැමෝටම කලින් අපේ රටේ මන්ත්‍රීවරුන්ට එන්නත ලැබුණා. මන්ත්‍රීවරුන්ගෙත් හැටට වැඩි අය, නිදන්ගත රෝගවලින් පෙළෙන අය ප්‍රමුඛතා ලැයිස්තුවට එනවා. එය ගැටළුවක් නෙවෙයි. නමුත් අපේ රටේ සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ප්‍රමුඛතා ලැයිස්තුවට ඒමයි. මොන තරම් අශිෂ්ඨ තීරණයක්ද? මොනතරම් අශිෂ්ඨ පාලකයොද? කොවිඩ් වසංගතයෙන් මරණයට ගොදුරුවන අය සිටියදී ඒ අයගෙන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනා මුලින්ම එන්නත ලබාගන්නේ තරම් මොන මුග්ධ මනසක් ඇති අයද?

 

අපි කොයිම වෙලාවකවත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ප්‍රතික්‍ෂේප කරන කණ්ඩායමක් නොවෙයි. අපි මන්ත්‍රී වරප්‍රසාදය ලබාගෙන එන්නත ලබාගත්තේ නැහැ. මොකද අපි දන්නවා ජාතික එන්නත්කරණ සැලැස්ම අනුව අපිට හිමි තැනක් තිබෙන බව. එය ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ඉතාම පහළ වෙන්න පුළුවන්. අපි අපේ හිමි අවස්ථාව ලැබුණු පසුව එම එන්නත ලබාගන්නවා. ඒවගේම එන්නත්කරණයට අපි පක්‍ෂයක් ලෙසත් පුරවැසියන් ලෙසත් උපරිම දායක්තවය සපයනවා. ආණ්ඩුව කළේ එන්නත්කරණය සඳහා ප්‍රභූ ලැයිස්තු සකස් කිරීමයි. සාමාන්‍ය ජනතාව පැය 5-6 අව්වේ වේළෙමින් පෝලිම්වල සිටියදී ආණ්ඩුවේ හිතවත් කණ්ඩායම් හොර පාරෙන් ඇවිල්ලා එන්නත විදගෙන යනවා.

 

හිටි හැටියේ තීරණ වෙනස්කිරීමට විරෝධය පළකරමින් ගම්පහ ප්‍රදේශයේ පී.එච්.අයි. නිළධාරීන් එන්නත්කරණයෙන් ඉවත් වුණා. මේ ඉරිදා දේශය පුවත්පත වාර්තා කළා “හත්පොළේ ගාගත් එන්නනත්කරණය” කියලා. ආණ්ඩුව බලයට පත්කරවීම සඳහා විශාල කාර්යභාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියනවා, කොළඹ එන්නත් වැඩේ අවුල් වෙලා කියලා. රටම කොවිඩ් වසංගතයෙන් ගිලගෙන තිබෙන අවස්ථාවක මියයාම පිළිබඳ බියකින් පසුවන තත්වයක් තුළ මියයාමේ අනතුර වැඩිහිටියන්ට, නිදන්ගත රෝග ඇති අයට තිබෙන මොහොතක ශිෂ්ඨ සම්පන්න සමාජයක් කළයුතු වන්නේ මියයාමට වැඩි සම්භාවිතාවයක් ඇති පුරවැසියන්ට එන්නත ලබාදීමයි. ආණ්ඩුවේ ප්‍රබලයින්ට එස්එම්.එස්. එකක් යවලා එන්නත විදගත්ත අවස්ථා අපිට වාර්තා වෙලා තිබෙනවා.

 

අඩුම තරමේ ආණ්ඩුවට මුලින් ලැබුණු ලක්‍ෂ 05ක ප්‍රමාණයවත් ප්‍රමුඛතාවය අනුව ලබාදීමට නොහැකි වුණා. එම නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ ඉදිරියේ ලැබෙන එන්නත් ජාතික එන්නත්කරණ සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන ලෙසයි. අපේ රටේ සමෘද්ධිය බෙදනකොට, පාසැල්වලට ළමුන් ඇතුළත් කරනකොට දේශපාලනය උපයෝගී කරගන්නවා. එය වැරදි වුණත් සිදුවන දෙයක් බව අපි දන්නවා. නමුත් පුරවැසියන් මරණය අබියස සිටියදී තමන්ගේ ප්‍රභූත්වය මත ආණ්ඩුවේ හිතවත්කම් මත ව්‍යාපාරික පැලැන්තිය එන්නත ලබාගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් අනුවත කළ යුතුද? අශිෂ්ඨම සමාජයක තමයි මෙවැනි දේවල් කළ හැකි වන්නේ. ඒ නිසා අපි නැවතත් ආණ්ඩුවට බල කරනවා අදාළ ආයතන විසින් සකස්කෛාට තිබෙන ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස. පුරවැසියන් මහ අව්වේ පෝලිම්වල රස්තියාදු නොකරන ලෙසත් අවශ්‍ය කරන අවම එන්නත් ප්‍රමාණය කඩිනමින් මෙරටට ගෙන්වන ලෙසත් ජාතික සැලැස්මක් සකස් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

 

ඒ වගේම අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා, කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා තිබෙන විද්‍යාත්මක ක්‍රමවේදය එන්නත්කරණය නිසා ඔබ සක්‍රීයව ඔබට ලැබෙන පළමු හිමිකම් අවස්ථාවේදී එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස. එන්නතට බියේ සැඟවිලා එය අත්හැර නොදමන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. කෙසේ වෙතත් මේ ආණ්ඩුව පැණිය ප්‍රමෝට් කරපු තරම්ම මෙම එන්නත ප්‍රමෝට් කරන්නේ නැහැ. එමෙන්ම අප පක්‍ෂයක් ලෙස කිසි අවස්ථාවකදී මෙම එන්නත ප්‍රතික්‍ෂේප කර නොමැති බවත් මා හට එන්නත ලබාගැනීමට හිමකම ලැබෙන පළමු අවස්ථාවේ එන්නත ලබාගන්නා බවත් අපි ජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම එන්නත ලබාගැනීම වරප්‍රසාදයක් නොව හිමිකමක් බව අපි කියා සිටිනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක.

Leave A Reply

Your email address will not be published.