topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පහරදීම් ලිංගික හිංසාවලින් අපව නවත්වන්න බැහැ.

පොලිසිය යොදවා පහරදීම්, ලිංගික අඩත්තේට්ටම් සිදු කළද තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කාන්තාවන් පසුබට නොවන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය වැඩිදරටත් මෙසේ සදහන් කළේය.

“නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සූදානම් කළේ මේ වනවිට මේ රටේ වැඩකරන කාන්තාවන්, පීඩිත කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි පාලකයන්ගේ අවධානය යොමු නොවීම සහ සමාජයක් විධියට ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සම්බන්ධ තේමාවයි.

මේ වනවිට මේ රටෙන් මැදපෙරදිග ගිහින් විදේශ විනිමය උපයන්න දායකවන කාන්තාවන්ට විශාල අවදානමකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. දහස් ගණනකට නැවත මේ රටට එන්න ඔ්න වුණත් ඒ අවස්ථාව සලසන්න ආණ්ඩුව නිසි ඉක්මන් පිළියම් නොයොදීම නිසා විශාල පිරිසක් අසරණ වුණා, සියයකට ආසන්න පිරිසක් මිය ගියා.

වසංගතයේ ලාභය උන්ට කඳුළ ස්ත්‍රීන්ට, නොඉවසමු සටන් වදිමු කියන තේමාවෙන් අප මෙවර කාන්තා දින පෙළපාලියක් සංවිධානය කළේ ඒ සම්බන්ධ ජනතාව දැනුවත් කිරීමටත් පාලකයන්ගේ අවධානය යොමු නොවීම සම්බන්ධ විරෝධය පළ කිරීමටත්.

ඒ් වගේම ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් දුෂ්කර තත්වයට පත්වූ කාන්තාවන් වෙනුවෙන් අප සහ ජාතික ආර්ථාකයේ තවත් වැඩි දායකත්වයක් සපයමින් අවදානමට ලක්ව සිටින ඇගලුම් සේවක සහෝදරියන් වෙනුවෙන් හඬ නැගීමත් අපේ විරෝධතාවයේ අරමුණක්.

මේ වන විට වතුකරයේ ජනතාව නියෝජනය කරන වතු කම්කරු කාන්තාවන්ට දවසේ මූළික වැටුප රු. 1000ක් කරන්න කියන ඉල්ලීම සම්බන්ධ අපි මේ විරෝධතාව පෙළ ගැස්වුවා. ඒ් වගේම යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් තමන්ගෙ දරුවන්, සැමියා, සහෝදරයා අතුරුදන්වීම සම්බන්ධ යුක්තිය ඉටු කිරීමට ඉල්ලා ඒසේ නොවුණු තත්වයකදී පාලකයන්ට විරෝධය පළ කිරීමට කාන්තා දිනයේ පෙළපාලිය සූදානම් කෙරුණා. මේ ආකාරයට ස්ත්‍රිය මුහුණ දෙන ගැටලු සම්බන්ධ පාලකයන් විසින් සාධාරණ මැදිහත්වීමක් කරන්න ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කළා.

සාමකාමීව මේ විරෝධතා පෙළපාලිය ජනාධිපති කාර්යාලය අසළට පැමිණි පසුව පොලිසිය විසින් ඊට අවහිර කරමින් ඉතාම නින්දිත ලෙස පහර දුන්නා. මේ රටේ ස්ත්‍රින් මුහුණ දී සිටින පීඩාවන් ප්‍රකාශකරන්න සාමකාමී විරෝධතාවක යොදුණු ස්ත්‍රින්ට, වැඩිහිටි ස‌හෝදරියන්ට පහරදුන්නා, බිම දාගෙන ගැහුවා, ඒ් විතරක් නෙවෙයි, ලිංගික හිංසා පවා සිදු කරනු ලැබුවා. මේ රටේ පොලිසිය ස්ත්‍රින්ට හිරිහැර කරන පොලිසියක් බව තවදුරටත් ඔප්පුකර පෙන්වා තිබුණා. ලිංගික හිරිහැර කරලා අපේ සහෝදරයින්ට අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන යන අරගලය නවත්වන්න ගෝඨාභය ආණ්ඩුව විසින් පොලිසිය යොදවා තිබෙන බව දැන් පැහැදිලියි. මේ නින්දිත ප්‍රහාරය, ඉතාම පිළිකුලෙන් හෙළා දකින අතරම අපි තවදුරටත් මේ අප පෙනී සිටින පීඩිත කාන්තාවන්ගේ ගැටලු පොදුවෙ සමාජයක් ලෙස පීඩා විඳින ගැටලු විසඳා ගැනීමේ අරමුනින් නිදහස දෙසා කාන්තා ව්‍යාපාරය සටන් කරන බව මේ වෙලාවෙ ප්‍රකාශ කරන්න කැමතියි. පහරදීම්වලින්, ලිංගික අඩත්තේට්ටම්වලින් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින කාන්තාවන් පසුබස්වන්න, අධෛර්ය කරන්න පාලකයන් හිතාගෙන ඉන්නවා නම්, අපි කියනවා ඒ අරමුනු ඉටු වෙන්නෙ නෑ.

ඊයෙ අපේ පළෙපාලිය කාන්තා දිනයෙදි ස්ත්‍රීන් මහදවල් පහරදීමට, ලිංගික හිංසනයට ලක් වුණා. නමුත් වෙනත් දිනවලදිත් මේ රටේ ස්ත්‍රියගේ ඉරණම මීට වෙනස්ද?

මේ රටේ පවතින ස්ත්‍රීන්ට එරෙහි හිංසනය විශේෂයි කියලා අප කියන්නෙ මේ නිසයි. යුද්ධය වෙලාවෙ පිරිමි වෙඩි තියලා මරා දමද්දි, ස්ත්‍රින් ලිංගික හිංසාවට ලක් කළ බව අපි දන්නවා. මරා දමන්න පෙර ඔවුන් ලිංගික අපරාධයන්ට ගොදුරු වුණා. ඒ් තත්වය මේ වනව්ටත් පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල පවතිනවා. මේ පීඩාව අයිතින් වෙනුවෙන් සටන් කරන ස්ත්‍රින් මත පතිත කරමින් ඔවුන් පසුබට කිරීමට නිහඬ කිරීමට හෝ සටන් කිරීමේ අරමුණු වලින් පළවා හරින්නට පාලකයන් කල්පනා කරනවා නම්, අපි කියනවා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නිහඬ වෙන්න සූදානම් නෑ. පරාජය භාර ගන්න, පළා යන්න සූදානම් නෑ, මේ රටේ ස්ත්‍රින් පීඩාවට හිංසනයට ලක් කරන මේ නරුම නව ලිබරල් ධනවාදි සමාජ ක්‍රමයත්, ඒ් සමාජ ක්‍රමය ආරක්ෂා කරන පාලකයන් හා ඔවුන්ගෙ මර්දන යන්ත්‍රයත් පරාජය කිරීමට මෙරට පීඩිත ජනතාව සමග සටන් වදින්න, සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමෙන් එවැනි නින්දිත ස්ත්‍රි හිංසනයන් පරාජය කිරීමට අපි කැප වෙන බව අවධාරනය කරනවා.”

Leave A Reply

Your email address will not be published.