පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14ක් මිය ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව වාර්තා වේ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත. බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බව පොලිසිය සඳහන් කරයි.