topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔටුණු පැළඳලා බලයට ආපු ආණ්ඩුවේ ඔටුණු ගැලවිලා ජනතාව ඉදිරියේ නිරුවත් වෙලා.

අපේ රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් සමරන අවුරුද්ද තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ. මේ කාලේ කැවුමක් කොකිසක්, මුං අලුවා ටිකක් හැදෙන්නේ නැති ගෙදරක් නැහැ. පහුගිය අවුරුද්දේ අවුරුද්ද සමරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා මේ අවුරුද්ධ සතුටින් සමරන්න. ආණ්ඩුවක වගකීම තමයි රටක ජනතාවට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් හදන එක. නිදහසේ පැරේ බැහැල යන්න පුළුවන් රටක්, බය නැතුව කෑම ටිකක් කන්න පුළුවන් රටක්, අවුරුද්දකට සැරයක් එන උත්සව සමයක දරුවන් සමඟ විනෝදෙන් ඉන්න පුළුවන් රටකට තමයි සතුටින් ඉන්න රටක් කියන්නේ.
මේ ආණ්ඩුවේ ඇමතිවරු වරු කියන කතා මොනවද? බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා හාල් කිලෝ 03ක් හතරදෙනෙක්ගේ පවුලකට සති දෙකක් ප්‍රමාණවත් කියලා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ඇමතිවරු තමයි අද මේ කතා කියන්නේ. එකක් බඩු මිල සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක තමයි බඩුවල පිරිසිදු බව පිළිබඳ විශ්වාසය පළුදුවීම. සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව වැඩිපුරම පරිභෝජනයට ගන්නේ මුං, කවුපි, කඩල, උඳු, තල සහ සහල් වැනි දේවල්. අද උඳු කිලෝවක් රුපියල් 1700ක් පමණ වෙනවා. කවුපි කිලෝව 1200ක්. රුපියල් 350ට තිබුණු මුං ඇට කිලෝව රුපියල් 850යි 1000යි. පහුගිය කාලේ අපේ රටේ තරුණ ඇමතිවරු කිව්වා පරිප්පු නැත්නම් මුං ඇට කන්න කියලා. අද ඒ ඇමතිවරු දැන් කොහෙද? කාන්තාවන්ට උත්තර ඕනෑ. දැන් මුං ඇටත් නැහැ. පරිප්පුත් නැහැ. අද වනවිට සෑම ආහාරයකම මිල ඉහළ ගිහින්. බී ළුෑණුවල සිට අල, පරිප්පු, කරවල හාල්මැස්සෝවල මිල ඉහළ ගිහින්. කුකුළු මස් කිලෝවක් 800ක් පමණ වෙනවා. රජයේ සේවකයින්ට පවා තමන්ගේ පවුලේ අය එකතු වුනාම අවුරුද්දට හොඳ කෑම වේලක් කනවා කියන එක දුෂ්කර කටයුත්තක් වෙලා. අලුත් ඇඳුමක් ගන්න මේ රටේ ආර්ථිකයක් නැහැ. අඩුම තරමේ ආණ්ඩුව මේ අවරුදු සමයේවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමයි කියලා කාන්තා සංවිධානයක් විදියට අපි බලාපොරොත්තු වුනා.
ආණ්ඩුව කිව්වා සහල් මාෆියාව ඉවර කරනවා කියලා. නමුත් සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන හාල් රුපියල් 100න් එහා. රුපියල් 130ට පමණ තිබුණ කීරි සම්බා කිලෝව රුපියල් 200ට ආසන්න මිලකට ඉහළ ගිහින්. මිරිස් කිලෝවක් රුපියල් 1000කට ආසන්නයි.
ඒ වගේම මේ වෙනකොට ආහාර සම්බන්ධයෙන් තිබෙන විශාලම ගැටලුව ආහාරවල විෂ අන්තර්ගත වීම. පොල්තෙල්වල විෂ අන්තර්ගතවීම තමයි අද මාතෘකාව වෙලා තිබෙන්නේ. මීට කලින් කුණු සැමන් ගෙනාවා. සීනි බදු වංචාව. මේවා සියල්ලම ප්‍රමිති ආයතනයට සම්බන්ධයි. ජනාධිපතිවරයා යටතේ තමයි අද ප්‍රමිති ආයතනය තිබෙන්නේ. මේ වනතුරුත් මේ සිදුවීම්වලට චෝදනා ලබන ප්‍රමිති ආයතනයේ සභාපතිවරයාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. ඒක තමයි ලොකුම ගැටලුව. රටක ආහාර සුරක්ෂිතතාවය කියන්නේ රටක ජාතික ආරක්ෂාවේම කොටසක්. ජනාධිපතිතුමා තෝරාපත්කර ගත්තේ ජාතික ආරක්ෂාව ගැන පූර්ණ වගකීම ගන්නවා කියලා මේ රටේ ජනතාවට පොරොන්දු වූ නිසා.
අපේ රටේ ජනතාවගෙන් පොල් තෙල් පාවිච්චි නොකර කෙනෙක් නැහැ. මම අම්ම කෙනෙක් විදියට ගෙදර දරුවන්ට කරවල කෑල්ලක් බදින විට මගේ හිතට තිගැස්මක් එනවා මගේ අතින් මගේ දරුවන්ට වස කවන්නද යන්නේ කියලා. මේ භීතිකාව මේ රටේ හැම අම්ම කෙනෙක්ටම තිබෙනවා. මෙහෙම භීතිකාවක් තිබෙනකොට කොහොමද සතුටින් ජීවත් වෙන්නේ. පොල්තෙල් වල පමණක් නෙවෙයි මිරිස්වල කිරිවල පැකට් කරන ලද ආහාර වල මාංශ භෝගවල මෙම විෂ ධූලක අඩංගු බව කියනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියනවා නිෂ්පාදන විශාල ප්‍රමාණයක මෙම විෂ අඩංගුවෙලා තිබෙනවා ඒවා හෙළි කරන්න විදියක් නැහැ ආයතන කඩා වැටෙනවා කියලා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පත්කරලා තිබෙන්නේ එම ආයතනවල සුරක්ෂිතතාවය වෙනුවෙන් නෙවෙයි ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්. ප්‍රමිති ආයතනය කටයුතු කළ යුත්තේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් ප්‍රමිති ආයතනය කට අරින්නේ සමාගම්වලින් ලැබෙන කොමිස් මුදල්වලට පමණයි.

 

1980 අංක 06 දරණ ආහාර ආරක්ෂණ පනත, 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනත, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ආරක්ෂණ ඒකකය, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව කියන මේ සියලු ආයතන පොල් තෙල් ගෙන්වීම පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරලා කටයුතු කර තිබෙනවා. ජනතාව ආරක්ෂා කරන්න ගත්ත නීතිමය ක්‍රියාමාර්ග කෝ. නමුත් මේ ගැන ජනාධිපතිවරයා මුනිවත රකිනවා. දැන් ආණ්ඩුව ෆාම් ඔයිල් ගෙන්වීම නතර කරනවා කියලා ගැසට් එකක් ගැහුවා. ඒකෙන් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? නමුත් ෆාම් ඔයිල් ගෙන්වීමට බේකරි කර්මාන්තයට විශේෂ අවසරයක් තිබෙනවා. මේ ක්‍රියාමාර්ග මොනතරම් ප්‍රෝඩාකාරීද? ඒ නිසා එය පමණක් උත්තරය නෙවෙයි. අපිට පේන දේ තමයි මෙම පොල් තෙල් ගෙනාපු සමාගම් අදිසි හස්ථයක් විසින් ආරක්ෂා කරනවා කියන කාරණය.

 

ආහාර වල පමණක් නොව ආහාර නොවන රූපලාවන්‍ය වර්ගවල, ඖෂධ ද්‍රව්‍යවලත් විෂ අන්තර්ගත වෙලා තිබෙනවා. සහල් නිෂ්පාදනයේදී යොදාගන්න පොහොරවර්ගල වල විශාල වශයෙන් ආසනික් අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙන විට මේ රටේ ජනතාව ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුන දෙයක් තමයි ජාතික ප්‍රතිපත්ති සකස් කරයි කියලා. රටේ මානව සම්පත යොදාගෙන රටේ සම්පත්වලින් රටට ගැලපෙන ආහාර සංස්කෘතියක් හදන එක ආණ්ඩුවේ වැඩක්. එවැනි ජාතික ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි. පොහොර වර්ග ගේනවීම අවම කරන්න අපිට පුළුවන්. විදෙස් සමාගම්වලින් ලැබෙන පොහොර වලට අපේ ගොවිතැන යට කරලා තිබෙනවා. මේකත් එක්තරා මාෆියාවක්. ලංකාවේ ආහාරවල විෂ අන්තර්ගත බව කාලාන්තරයක් තිස්සේ අපි කතා කරනවා. විෂ සහිත ආහාර අනුභව කරන රටවල් අතර සීග්‍රයෙන් ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා.

 

මිනිස්සු බලාපොරොත්තු වුනා 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිදහසේ සමරන්න පුළුවන් වෙයි කියලා. කහ මිල දැක්කම කොකිස් කන්න විදියක් නැහැ. කැවුම් කන්න විදියක් නැහැ පොල්තෙල්වල විෂකාරක. කිරිබත් කන්න ගියාම සහල්වල සහ පොල්වල මිල කීයද? කිරිබත් කාලා හදා ගත්ත ආණ්ඩුවෙන් අවුරු එකහමාරක් යනකොට කිරිබතුත් නැහැ, කොකිසුත් නැහැ, කැවුනුත් නැහැ. අන්තිමේදී කරවල කෑල්ලක් බැදගෙන කන්න පොල්තෙලුත් නැහැ. ආණ්ඩුව ඔටුණු පැළඳලා තමයි පටන් ගත්තේ. දැන් ඔටුණු ගැලවිලා. ඔටුණු විතරක් නෙවෙයි සියලු සළුපිළි ගැලවිලා. ජනතාව ඉදිරියේ ආණ්ඩුව නිරුවත් වෙලා ඉවරයි. ඒ අතර ආණ්ඩුව රෑපරාජිණී තරඟයෙන් ගැලවෙච්ච ඔටුන්නෙන් තමන්ගේ විළි වහගන්න උත්සහ කරනවා. ඒක හාස්‍යයට කරුණක්.
පාස්කු ප්‍රහාරය ගැන උත්තරයක් නැහැ. පොල් තෙල් වංචට උත්තරයක් නැහැ. වනාන්තර කපා හෙළි කරනවා ඒවට උත්තර නැහැ. ක්ෂද්‍ර මූල්‍ය ණය අරගෙන ඊට ගොදුරු වෙලා ඉන්න සහෝදරියෝ සත්‍යග්‍රහයක ඉන්නවා. අද වෙනතුරු උත්තරයක් දීල නැහැ. අලි මිනිස් ගැටුම පිළිබඳ ආණ්ඩුව මුණිවත රකිනවා. ජනතාව අර්බුදයෙන් අර්බුදයට යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කුස්සියේ බර දරාගෙන ඉන්න කාන්තාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කරලා සහනයක් දෙන්න කියලා. ආහාර වල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පියවර ගන්න කියනවා. ඒ වගේම විෂ පොල්තෙල් ගෙනා වගකිව යුත්තන්නට එරෙහිව පියවර ගන්න කියලත් ඉල්ලනවා.

 

සරෝජා සාවිත්‍රී පෝල්රාජ්  – අයිතීන් උදෙස් කාන්තාවෝ සංවිධානයේ සභාපති.

Leave A Reply

Your email address will not be published.