අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ පාස්කු ප්‍රහාරය දියත් වී අද (21) දිනට වසර 02ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් දිවයින පුරා විශේෂ අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව අප්රේල් මස 21 වැනිදා උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල මළ සීනුව නාද කිරීමෙන් අනතුරුව විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවත්වූ අතර ඉන් අනතුරුව උදෑසන 8.47ට නැවත මළ සීනුව නාද කිරීමෙන් අනතුරුව මියගිය සියලු දෙනා වෙනුවෙන් පහන්, ඉටි පන්දම් දැල්වීම සිදු විය.