ඊයේ (30) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1662ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 108 146 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද දැක්වේ. සමස්ත ආසාදිතයින්ගෙන් 95 975 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11 493 ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ (30) වාර්තා වූ කොවිඩ් මරණ 11ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.
…ගමගේ…