topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුහුණේ සිසුන් 27කට කොවිඩ්…උම්මන්තක උපකුලපති වගකිව යුතයි…තොරතුරු පිටතට නොදෙන්නැයි තර්ජනයකරයි.

රුහුණ විශ්වවිද්යාලය තුළ උද්ගතව ඇති බරපතල වසංගත අවදානම පිළිබඳවයි.
රුහුණේ උම්මන්තක උපකුලපති සුජීව අමරසේන, නියෝජ්ය උපකුලපති සමන් චන්දන හා විනයාධිකාරී මංගල චතුර ද සිල්වා සිසුන්ගේ නේවාසිකාගාර වෙත පැමිණ තිබේ. විශ්වවිද්යාලයේ කෝවිඩ් 19 වසංගතය පැතිර යෑම පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම වරදක් බවත්, ඒ පිළිබඳව සමාජජාලවල සටහන් කළ, විශ්වවිද්යාලයෙන් පිටතට තොරතුරු හෙළිදරව් කළ සිසුන්ට උපාධි ප්රධානෝත්සව තහනම් කරන බවත් පවසා සිසුන්ට තර්ජනය කර තිබේ.
එසේම විශ්වවිද්යාලය වසා දමන බවටත්, වහාම විශ්වවිද්යාල පරිශ්රයෙන් නිවෙස් බලා පිටත් විය යුතු බවටත් සිසුන්ට බලපෑම් කර තිබේ. විශ්වවිද්යාලයේ අධ්යයන කටයුතු සඳහා කිසිඳු සෞඛ්යාරක්ෂිත සැලසුමකින් තොරව ගෙන්වූ පළමු වසර සිසුන් ආශ්රිතව බරපතල ලෙස කෝවිඩ් 19 පැතිර යමින් තිබෙයි. මේ වන විටත් සිසුන් 27ක් ආසාදිතයන් බවට තහවුරු වී ඇත. ඒ වැල්ලමඩම පරිශ්රයේ සිසුන් 5ක්, සිසුවියන් 12ක්, කෘෂි විද්යා පීඨයේ සිසුන් 05ක්, වෛද්ය පීඨයේ සිසුන් 03ක් හා ඉංජිනේරු පීඨයේ සිසුන් 02ක් වශයෙනි. PCR පරීක්ෂණවල ප්රතිඵල නොපැමිණි තවත් විශාල සිසුන් පිරිසක්ද සිටියි.
එසේම ආසාදිත සිසුන්ගේ ආශ්රිතයන් බවට පත් වූ නේවාසිකාගාරවල අනෙකුත් සිසුන්ගේ නිරෝධායන කාලය අවසන් වී ද නැත. සිසුන්ට නිවෙස්වලට පිටවී යන්නැයි පවසන්නේ එවන් තත්ත්වයක් තිබියදීය. මෙයින් විශ්වවිද්යාලය ආශ්රිතව පැතිර ගිය වසංගතය දැන් නිවෙස්වලටද පැතිර යාමට නියමිතය. අවම වශයෙන් තමන්ට PCR පරීක්ෂණ සිදුකර නිවෙස්වලට පිටත් කර හරින ලෙස සිසුන් ඉල්ලා ඇති අතර එයද ප්රතික්ෂේප කර තිබේ. ඒ අනුව රු.12000ක මුදලක් ගෙවා පෞද්ගලික රෝහල්වලින් PCR පරීක්ෂණ සිදුකර ගැනීමට සිසුන්ට සිදුව තිබේ. එයද සියලු සිසුන්ට කළ හැක්කක් නොවේ.
අධ්යයන කටයුතු සඳහා විශ්වවිද්යාල ආරම්භ කිරීම වහාම කළ යුත්තකි. නමුත් වසංගත තත්ත්වයක් තුළ කිසිඳු සෞඛ්යාරක්ෂිත සැලසුමකින් තොරව එය කළ හැකි නොවේ. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මේ පිළිබඳව උපකුලපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී විශ්වවිද්යාල ආරම්භ කිරීම සඳහා සෞඛ්ය රෙගුලාසි ඉදිරිපත් කර ඇති අතර ඒවා ක්රියාත්මක කිරීමට තරම් ප්රමාණවත් ප්රතිපාදන නොමැති වීම නිසා අනෙක් උපකුලපතිවරු සියලු දෙනා ප්රතිපාදන ලබාදෙන තුරු විශ්වවිද්යාල ආරම්භ කළ නොහැකි පව පවසා තිබේ. නමුත් රුහුණේ උම්මන්තක උපකුලපති සුජීව අමරසේන පමණක් ප්රතිපාදන නොමැතිව තමන්ට විශ්වවිද්යාලය ආරම්භ කළ හැකි බව පවසා ඇති අතර පළමු වසර සිසුන්ට අප්රේල් 18 දින අධ්යයන කටයුතු ආරම්භ කළේ ඒ අනුවය.
අවම වශයෙන් අධ්යයන කටයුතු ආරම්භ කිරීමට පෙර විවිධ ප්රදේශවලින් පැමිණි සිසුන්ට නිරෝධායනය වීමට ඉඩකඩ සැලසීමට තිබිණි. නමුත් එවැන්නක්වත් සිදු නොවුණු අතර අවසාන ප්රතිඵලය වූයේ සිසුන් වසංගතයේ ගොදුරු බවට පත්වීමයි. දැන් වසංගතයට නිරාවරණය වීම සිසුන්ගේ වරදක් වී ඇත. උපකුලපතිවරයාට අවශ්ය වී ඇත්තේ සිසුන්ගේ සෞඛ්යාරක්ෂාව තහවුරු කර වසංගතය තවදුරටත් පැතිරීම වළක්වාගැනීම නොව ඔහුගේ උම්මන්තක වැඩපිළිවෙළ පිළිබඳව තොරතුරු සමාජයෙන් වසං කරගැනීමය. මෙවන් අවස්ථාවක කළ යුත්තේ වඩ වඩාත් තොරතුරු සමාජගත කරමින් වසංගතයෙන් ආරක්ෂා වීමට ඉඩකඩ සැලසීමයි.
නමුත් නේවාසිකාගාරයේ එකට සිටි අනෙක් සිසුවාගේ PCR පරීක්ෂණයේ ප්රතිඵලය කුමක්ද යන්නත් සුජීව අමරසේන උපකුලපති විසින් සිසුන්ට වසන් කරන ලදී. දැන් සිසුන්ට විශ්වවිද්යාලයෙන් වහාම පිටත්වන ලෙස පවසන්නේ විශ්වවිද්යාලයෙන් පිටතට වසංගතය පැතිරීමට ඇති ඉඩකඩ පිළිබඳව අංශු මාත්රයක තැකීමක් නොකරමිනි. සිසුන් වසංගතයේ ගොදුරු බවට පත් කළේ උම්මන්තක උපකුලපති සුජීව අමරසේන විසිනි. ඔහු⁣ට නැවතත් උපකුලපති පුටුව ඩැහැගැනීමට ඇති අවශ්යතාවට සිසු ජීවිත බිල්ලට තබා ඇත. ප්රතිපාදන නොමැතිව, සෞඛ්යාරක්ෂිත සැලසුමකින් තොරව විශ්වවිද්යාලය ආරම්භ කර පෙන්වා ආණ්ඩුවෙන් ලකුණු දමාගැනීම සුජීව අමරසේනගේ අරමුණයි.
ඒ බල තණ්හාවේ ප්රතිඵල දැන් සිසුන්ට අත්විඳින්නට සිදුව තිබේ. හෙට දවස වන විට සිසුන්ගේ නිවෙස්වල වැසියන්ද අනතුරට ලක්වීමට නියමිතය. ⁣⁣ ආණ්ඩුවත්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවත්, අධ්යාපන අමාත්යාංශයත් සුජීව අමරසේනගේ අත්තනෝමතික වැඩපිළිවෙළ පිළිබඳ කිසිඳු තැකීමක් කරන්නේ නැත. ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ උම්මන්තක උපකුලපතිගේ චර්යාවද තකට තක ගැලපෙන නිසා විය යුතුය. දැන්වත් සිසුන්ගේ සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීමට කටයුතු නොකර සුජීව අමරසේනගේ සිතැඟි ක්රියාත්මක කිරීමට ඉඩකඩ සලසන්නේ ඒ නිසාය.
උපකුලපතිගේ තර්ජන වෛරසයට අදාළ නැත. එය පාලනයකින් තොරව පැතිරෙයි. විශ්වවිද්යාල හිටි අඩියේ වසා දමමින් දැන් උපකුලපති ඇතුළු පරිපාලනය සිය අසමත්භාවය සඟවාගැනීමට උත්සාහ කරයි. දැන්වත් සිසු ජීවිත අනතුරේ නොදමා සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීමට පාලකයන් වගබලා ගත යුතුය. ඒ සඳහා සිසුන්, ආචාර්යවරුන්, අනධ්යයන සේවකයන් ඇතුළු විශ්වවිද්යාල ප්රජාවත්, සියලු දෙනාමත් බලධාරීන්ට නොපමාව බල කර සිටිය යුතුය.

 

මෙයට,
ඉන්දික විදානපතිරණ,
ලේකම්,
මහා ශිෂ්ය සංගමය,
රුහුණ විශ්වවිද්යාලය.

Leave A Reply

Your email address will not be published.