topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොතලාවල පනතින් නිදහස් අධ්‍යාපනයේ අහෝසියත් මිලිටරිකරණයත් සිදුවනවා.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය .

අද අපි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ ජෙනාරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර අපගේ ස්ථාවරය පැහැදිලි කරන්නයි. රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව මේ පනත මුලින්ම හඳුන්වා දෙනවා. අද එහි අකුරක්වත් වෙනස් නොකර අද මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගෙන එන්න කටයුතු කර තිබෙනවා.

 

මේ පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙන්නේ අපේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න හෝ සන්නද්ධ හමුදා ශක්තිමත් කරන්න හෝ අනාගත පරපුර සමෘද්ධිමත් කරන්න නෙවෙයි; අපේ රටේ සන්නද්ධ අංශ සහ ජාතික ආරක්‍ෂාව දඩමීමා කරගෙන පවතින අධ්‍යාපනයට බරපතළ ඛේදවාචකයක් අත්කර දෙන්නයි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ස්ථාපිත කර තිබෙන්නේ 1981 අංක 68 දරන ‘ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්‍ෂක විද්‍යායතනය’ කියන පනත මගිනුයි. එයට අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කෙරුණා. 1988 සිදුකළ පළමු සංශෝධනයෙන් විශ්වවිද්‍යාලය කියන වචනය නොයොදා අධ්‍යාපන ආයතනය කියන නමින් සංශෝධනය කරනවා. විශ්වවිද්‍යාල පනත යටතේ තියෙන සියලු වගන්තිවලින් මෙම ආයතනය නිදහස් කරනවා. ඉන් පසුව 2007දී විශ්වවිද්‍යාලයක් හැටියට නම් කරන සංශෝධනය සිදුකරනවා.

 

අද මෙම පනත ගේන්නේ මේ ආයතනයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කරන්න නෙවෙයි; කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අද තියෙන පරිපාලනයට ඉහළින් වෙනම පාලක මණ්ඩලයක් ස්ථාපනය කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු බලතල ලබාදෙන්නයි. සමහර විට ඊට වැඩිය බලතල ලබාදෙන්න සූදානමක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදී තිබෙන බලතල මිලිටරි පරිපාලන ව්‍යූහයකට පවරන්න මෙම පනත ගෙනවිත් තිබෙනවා. මේ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යාපන බලධාරීන්, නිලධාරීන්වත් දැනුවත් නැහැ. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවරී තිබෙන බලතල අතර උපාධි ලබාදීමේ ආයතන නම් කිරීම සහ ඊට අදාළ ව්‍යූහයන් තීරණය කිරීමේ බලතල තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික ආයතනවලට උපාධි ලබාදෙන්න පුළුවන්ද කියන නිර්ණායක ලබාදෙන්නේ මෙම කොමිෂන් සභාවයි. ඒ වෙනුවෙන් කොමිෂන් සභාවට ආචාර්ය, මහාචාර්යවරුන් සම්බන්ධ වෙනවා. අද වෙනකොට මෙම කොමිෂන් සභාව දේශපාලන බලයට නතුවී තිබුණත් එම කොමිෂන් සභාවට පත්කර තිබෙන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්.

 

මේ පනත මගින් ඒ සියලු බලතල යෝජිත මිලිටරි ව්‍යුහයට ලබාදෙන්න සූදානම් වෙනවා. මේ පනත මගින් බලය ලබාදෙන්න යෝජිත පාලක මණ්ඩලය පිළිබඳව සඳහන් කර තිබෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන්, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙකු සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයෙක් යන අය මෙයට ඇතුළත්. මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වෙන්නේ ඉහළ හමුදා නිලධාරියෙක්. ඔහු ඇතුළු පාලක මණ්ඩලයේ 09 දෙනාගෙන් 07 දෙනෙක්ම මිලිටරි ආයතන හා සම්බන්ධයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නම් කරන නියෝජිතයා පමණයි. ඔහු නාමික නියෝජිතයෙක්. ඊළඟට භාණ්ඩාගාර නියෝජිතයෙක් පත් කරන්නේ මහජන මුදල් ලබාගන්න.

 

අපේ රටේ විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් බඳවා ගන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. ඉන් පසුව ඔවුන් වෙත උපාධි ලබාදෙන ක්‍රමවේද ඇතුළේ සියල්ල නියාමනය කරන්නේ මේ කොමිෂන් සභාවෙන්. නමුත් පනතට අනුව මේ කියන විශ්වවිද්‍යාලයේ සියලු බලතල පවරා තිබෙන්නේ මිලිටරි ව්‍යුහයටයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128වැනි වගන්තියේ උපාධි ලබාදීමේ සුදුසුකම් දක්වා තිබෙනවා. මේ වගත්තියට පිටින් ආරක්‍ෂක නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට උපාධි ලබාදීමේ බලතල මෙම ආයතනයට ලබාදෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතලත් මේකට ලබාදෙන්න යෝජනා කරනවා. ශික්‍ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ බලතලත් මේ පනත මගින් අදාළ අධිකාරීන්ට ලබාදෙන්න යෝජනා කරනවා. පහුගිය කාලේ සයිටම් ආයතනය විසින් ශික්‍ෂණ රෝහලක් තමන්ගේ ලාභ අපේක්‍ෂාව වෙනුවෙන් නිර්මාණය කළා. එවැනි ශික්‍ෂණ රෝහලක් මෙම ආයතනයටත් ලබාදෙන්න මේ පනත මගින් උත්සාහ කරනවා
අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත වගේ පනත් තියෙද්දී අලුතින් පනතක් ගෙන එන්නේ ඇයි? පවතින විශ්වවිද්‍යාල පනත කියන්නේත් අපිට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පුළුවන් පනතක් නෙවෙයි.

 

අපේ රටේ නිදහස් අධ්‍යාපනය විකුණන්න වගේම ශිෂ්‍යයන්ගේ නිදහස සීමා කරන්නත් සැලකිය යුතු
බලපෑමක් මේ පනත තුළින් සිදුකර තිබෙනවා. එහෙම තියෙද්දී මේ නව පනත ගෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වේගය වැඩි කරන්නයි. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත සම්මත කළේ අපේ රටේ ආරක්‍ෂක අංශවලට අදාළ කණ්ඩායම්වලට විශේෂ අධ්‍යාපනයක් ලබාදෙන්නයි. නමුත් අද ගෙන එන සංශෝධනවලින් වෙනත් තැනැත්තන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්නත් සූදානම් වෙනවා. අපේ රටේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ ඉඩ පහසුකම් පුළුල් කර වේගවත් කරන්න මේ පනත ගෙන එන බව ඉතා පැහැදිලියි. සයිටම් ආයතනය ස්ථාපනය කරද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ආයෝජන මණ්ඩලය, වෛද්‍ය සභාව වගේ ආයතනය ගණනාවක අනුමැතිය ලබාගන්න සිදුවුණා. මේ පනත හරහා ඒ සියලු ආයතන නොසලකා හැර මුදල් අය කිරීමේ උපාධි ලබාදීමේ බලය ලබාදෙන්න සූදානම් වෙනවා.
මහජනතාවට හෝ යම් ආයතනයකට සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය පුහුණුවීම් ඇතුළු පාඨමාලා සඳහා ගාස්තු අයකිරීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩ මේ ආයතනයට නිර්මාණය කර දී තිබෙනවා.

 

මේ ආයතනයට වැටුප් ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලිවලින්. එවැනි ආයතනයකට උපාධි ලබාදීමේ බලතල ලබාදෙන්න යනවා. ශිෂ්‍යයින්ගේ, ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන කාර්යමණ්ඩවල අයිතීන් සහ නිදහස සීමා කිරීම මේ තුළ ඇතුළත් වෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට අමතරව අනාගතයේ මේ පනත යටතේ මිලිටරිකරණයට අදාළ ඉඩකඩ ලබාදෙනවා. ශිෂ්‍යයින්ගේ ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන්ගේ ආචාර්ය සංගම් සහ අනධ්‍යයන සේවකයින්ගේ අනධ්‍යයන සේවක සංගම් පිහිටුවීමට 1978 පනත මගින් විශ්වවිද්‍යාලවලට ඉඩ ලබාදි තිබෙනවා. මේ පනත යටතේ ඒ සියලු අවස්ථා අහෝසි කරනවා. මේ පරිපාලනය සම්පූර්ණ මිලිටරිකරණ ව්‍යුහයක් පත් කරනවා. ඔවුන්ට රටේ සාමාන්‍ය නීතියෙන් එහා හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ලබාදෙන්න යනවා. ගුවන් හමුදා පනත, හමුදා පනත, වගේ පනත්වලින් පනවා තිබෙන විනය නියෝග මේ ආයතනයටත් අදාළ කෙරෙනවා.

 

විශ්වවිද්‍යාලයක් කියන්නේ නිදහස් භූමියක්. හුදෙක් පංති කාමරයක් නොවෙයි. නමුත් මේ පනත මගින් නිර්මාණය කෙරෙන ආයතන තුළ ශිෂ්‍යයින්ගේ නිදහස සම්පූර්ණයෙන් සීමා කර තිබෙනවා. පිටස්තර පුද්ගලයෙක් ඇතුළට කැඳවාගෙන එන්නවත් බැහැ. මේ පනත යටතේ බිහි කෙරෙන විද්‍යාර්ථයින් රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් බිහි කෙරෙන විද්‍යාර්ථයින්ට ලැබෙන අත්දැකීම්වත් නොලබන තත්වයක් ඇති වෙනවා. අපේ රටේ සන්නද්ධ හමුදාවලට අවශ්‍ය විශේෂ දැනුම ලබාදෙන්න අවශ්‍ය නම්, ඊට බාහිර පුද්ගලයන්ට මේ ආයතනයෙන් දැනුම ලබාදෙන්න නම් ආණ්ඩුව කරන්න ඕනෑ වෙනම පනතක් ගේන එක නෙවෙයි. පවතින මේ ආයනතයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගන්න එකයි. ඒ තුළින් ශිෂ්‍යයන්ට පහසුකම් වගේම උපාධියට ලැබෙන පිළිගැනීමත් ඉහළ යනවා. මේ ආයතනය ඇතුළේ සන්නද්ධ සාමාජිකයන්ට අමතරව ඉන්න සිවිල් ශිෂ්‍යයන් බරපතළ ගැටලු කිහිපයකට මුහුණ දී සිටිනවා. රට ඇතුළේ වගේම විදේශයන්හිදී අදාළ පිළිගැනීමට මෙම උපාධි ලක්වෙන්නේ නැහැ. හෙද උපාධිය වැනි උපාධි සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් ආවා. ඒ නිසා රැකියා ලබාගැනීමේදී අවිනිශ්චිතතාවයකට ලක් වෙනවා.

 

මෙවැනි ගැටළු මගහරවා ගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගැනීමෙන් හැකි වෙනවා. සිවිල් ශිෂ්‍යයන්ට වගේම සන්නද්ධ අංශවල ඉන්න අයටත් ලැබෙන උපාධියට සාධාරණ පිළිගැනීමක් හිමි වෙනවා. මහපොළ ශිෂ්‍යත්වය සහ ශිෂ්‍යාධාර ලබාගැනීමේ හැකියාවත් මේ ශිෂ්‍යයන්ට ලැබෙනවා. ඒ නිසා මේ ආයතනයට වෙනත් පනතක් ගේන්නේ නැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරා ගැනීමෙන් ශිෂ්‍යයන්ට වඩාත් යහපත් තත්වයක් අත් වෙනවා. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයකට යන්නේ නැහැ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය වනසන පනත් ගේන්න යොමු වෙනවා. ඒ නිසා මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ජනාධිපතිවරයා බලයට පත්වුණේ පහුගිය ආණ්ඩු ගෙන ආ ජනතා විරෝධී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නද කියලා අපි ප්‍රශ්න කරනවා. අපේ රටේ අධ්‍යාපනය විකිණීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව හා සමාන ක්‍රියාමාර්ග තිබෙන බව මේ පනත මගින් ඔප්පු වෙනවා. පෞද්ගලික උපාධි ලබාදෙන ආයතන ගණනාවක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරා ගන්නා ලෙස අපි බල කරනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපනයට සම්බන්ධ සියලු බලවේග අපි පෙළගස්වන බව අවධාරණය කරනවා.

Leave A Reply

Your email address will not be published.