topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෞද්ගලික අංශයේ ආයතන තුළ රෝග ලක්ෂණ තිබෙන කම්කරුවනුත් සේවයේ යොදවලා.

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා,
කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය,
කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යංශය,
කිරුල පාර,
කොළඹ05.      .

ඇමතිතුමනි,

පෞද්ගලික අංශයේ ආයතන තුළ කොරෝනා වසංගතය සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීම සහ සංචරණ සීමා කාල සීමාව තුළද ආයතන පවත්වාගෙන යාම සම්බන්ධවයි

කොරෝනා වසංගතය මෙරට තුළ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙමින් පවතී. ආණ්ඩුවේ අදූරදර්ශී පරිපාලනය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා මෙය තවතවත් තීව‍්‍ර වෙමින් මහත් ව්‍යසනයක් බවට පත්වන බව පෙනී යයි.

02.  මෙහිදී පෞද්ගලික අංශයේ ප‍්‍රධාන කර්මාන්තශාලා ගණනාවක කොරෝනා ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වී ඇත. මෙසේ ආසාධිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම මගින් පෙනි යන්නේ එම ආයතන පවත්වාගෙන යාමේ දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයක් භාවිත කර නොමැති බවයි. ඒ අනුව එම ආයතනවල සේවකයන් මෙම වසංගතය සදහා ගොදුරු කරවීම සම්බන්ධයෙන් ආයතන හිමිකරුවන් වගකිව යුතු වේ. විශේෂයෙන් වාර්තාවන තොරතුරු අනුව රෝග ලක්ෂණ තිබෙන සේවකල සේවිකාවන් පවා සේවා මුරය සදහා කැදවීම, ආසාධිතයකු වාර්තා වුවත් අනෙක් සේවකයන් සේවා මුරය සදහා කැදවමින් ආයතන පවත්වාගෙන යාම හරහා විශාල ප‍්‍රමාණයක් මෙම රෝගය ස`දහා ගොදුරු වී ඇත.

03.  එලෙස ආයතන හිමිකරුවන් සේවක ජීවිත පිළිබදව කිසිදු සැලකිල්ලකින් තොරව තම ලාභය පමණක් ඉලක්ක කරමින් කටයුතු කරන තත්වයකදී ආණ්ඩුව විසින්ද ඔවුන්ට අවශ්‍ය ලෙස ක‍්‍රමවේද සකස් කිරීම බරපතළ ගැටලූවකි. සංචරණ සීමා යොදන කාලසීමාවල පවා ආසාධිතයින් පොකුරු වශයෙන් බිහිවන පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම මගින් මෙම රෝගය මර්දනය සදහා කටයුතු කරනවා වෙනුවට ධනපතියන්ට වසංගත සමය තුළදීද ලාභ  ගොඩගැසීම සදහා අවස්ථාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යයි. මේ නිසා සංචරණ සීමා කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීමට අපි දැඩි   විරෝධය පළ කරන්නෙමු. එසේම රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ මගින් ගර්භණි කාන්තාවන් සේවයට කැදවීම නවතා ඇති පසුබිමක පෞද්ගලික ආයතනවල ගර්භණි කාන්තාවන් සේවයට කැදවීම       දකින්නට ඇතග

04.  තවද කම්කරු ඇමතිවරයා ලෙස ඔබතුමන් පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන්ට අඩ වැටුප් ගෙවීමට අනුමැතිය ලබාදීමද මෙම වැඩපිළිවෙළේම එක් කොටසක් බව පැහැදිළිය. සංචරණ සීමා මධ්‍යයේ මෙන්ම රෝගීන් වාර්තා වී තිබියදීත් ආයතන පවත්වාගෙන යාමට විරුද්ධව මතුවන සේවක විරෝධය මෙම අර්ධ වැටුප් ක‍්‍රමවේදය විසින් යටපත් කරයි. ඒ අනුව මෙලෙස රෝගය රට තුළ ව්‍යාප්තවීම සදහා වත්මන් ආණ්ඩුව මෙන්ම කම්කරු ඇමතිවරයා ලෙස පෞද්ගලිකව ඔබතුමන්ද වගකිව යුතු බව අපි අවධාරණය කරන්නෙමු.

05.  කම්කරුවන්ගේ ශ‍්‍රමය සූරා කමින් බිලියන ගණන් ලාභ ගොඩ ගසමින් සිටින සමාගම් හිමිකරුවන්ට මෙවන් ගෝලීය වසංගතයකදීවත් තමන්ගේ ලාභ පිපාසය වෙනුවට තම ආයතනයේ සේවකයන්ට මාසයක දෙකක වැටුපක් ලබා දී වසංගතය මර්දනය කිරීමට සහාය ලබා දීමට නොහැකි වීම තුළින් ඔවුන්ගේ සැබෑ තත්වය සියලූදෙනාට පැහැදිළි වේ. කෙසේ නමුත් කම්කරු ඇමතිවරයා ලෙස ජනතා ඡුන්දයෙන් පත්වූ ඔබතුමා ඇතුළු වත්මන් ආණඩුවද සමාගම් හිමිකරුවන්ගේ අවශ්‍යතාවයට අනුව වැඩ කීරීම අපි හෙළා දකින්නෙමු.

06.  මේ නිසා අඩ වැටුප් ගෙවීමට අවසර ලබා දීමේ තීන්දුව වහාම නිවැරදි කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම භාවිත කිරීමෙන් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් සෞඛ්‍ය නිරදේශ මත යොදන සංචරණ කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතනවල සියලූ සේවකයන්ටද වැටුප් සහිත නිවාඩු ලබාදෙන සෙල අප බල කරන්නෙමු.

විශ්වාසී

…………………………………….
දුමින්ද නාගමුව,
සභාපති
පෞද්ගලික සේවක මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.