topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එන්නත් දීමත් ජාවාරමක් කරගෙන…රාජපක්ෂ පවුල කොරෝනා විපත පවා බල ව්‍යාපෘතියක් බවට පත්කරගෙන.

මේ වෙනකොට රටේ මතුවී තිබෙන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ජනාධිපතිත්වය සහිත පාලනය තුළ අපේ රට බරපතළ අනතුරු රැසකට ඇද වැටිලා තියෙනවා. ආර්ථිකය මහා පරිමාණ මට්ටමින් බිඳවැටීම, දැවැන්ත ණය බර, රටේ සම්පත් විදේශවලට බදු දීම, විකිණීම වැනි විවිධ ක්‍ෂේත්‍රවලින් රටට රට නැතිව යාමේ අනතුර මතුවී තිබෙනවා. රට රකිනවා, දේපොළ විකුණන්නේ නැහැ, කියපු ආණ්ඩුවක් මේ විනාශයක් සිදුකරමින් ඉන්නවා. විකිණීම අරමුණු කරගත් කැබිනට් පත්‍රිකා ගේනවා, ගැසට් ගහනවා. පෝට් සිටියත් සම්පූර්ණයෙන්ම චීනයට දීම අරමුණු කරගෙනමයි ආණ්ඩුය ක්‍රියාත්මක වුනේ. අධිකරණ නියෝගය නිසා විසකුරු බව ටිකක් අඩු වුණාට පෝට් සිටිය චීන බලයට යට කිරීම සිදුවෙලා ඉවරයි. ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් මගින් සෙලෙන්දිවා සමාගම නිර්මාණය කර කොළඹ නගරයේ වටිනාම දේපොළ විකුණන්න සූදානම් කරලා. ඛනිජ තෙල් සංස්ථාව මගින් රජයට තිබුණු ඒකාධිකාරිය අහෝසි කර පෞද්ගලික අංශයට දෙන්න හදනවා. මේ හැම එකකින්ම පැහැදිළි වෙන්නේ ජාතික ආරක්‍ෂාවට පවා බලපාන දේවල් විකුණන්න හෝ බදු දෙන්න සූදානම් වන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඉන්න බවයි.
රට පුරා පැතිරී තිබෙන කොරෝනාවට මුහුණදීම සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත්කරගෙන. ඇතැම් ජනමාධ්‍ය, වියත්මග, වැනි සංවිධාන මැදිහත්වෙලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා බලයට ගේන්න විශාල කාර්යභාරයක් සිදුකළා. ඒ කටයුතුවල මූලිකම තේමාව වුණේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන, රටේ විනය හදන, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක කරන, පවුල්වාදය නැති කරන, විද්‍යාත්මකව විසඳුම් හොයන කෙනෙක් හැටියටයි. හැබැයි ඒ ප්‍රතිරූපය අරගෙන විද්‍යාත්මකව රට පාලනය කරන්න ආවාට අපේ රටේ නිර්මාණය වුණු අවිද්‍යාත්මකම ආණ්ඩුව බවට පත්වී තිබෙනවා.

 

කොරෝනා පාලනය කිරිමේ එන්නත්කරණය පටන් ගත්තේ පැණිය, මුට්ටිය අරගෙන ගිහින් අන්තිමටම එන්නත්කරණය ආවේ. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා කිව්වට ඒ තුළ තියෙන්නෙත් අවිද්‍යාව. ඕනෑම ව්‍යසනයකින් හම්බ කරගන්න එක ආණඩුවේ ඇමති මණ්ඩලයේ මූලික අරමුණ වෙලා. මේක කොල්ල කල්ලියකගේ පාලනයක් බවට පත්වී තිබෙනවා. ව්‍යසනයක් පවා තමන්ට හම්බ කරගැනීමේ මාර්ගයක් විදිහට යොදා ගන්නවා.

 

අපේ මුහුදු සීමාවට ඇවිත් ගිණි ගත්ත නැව සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය කවුරුත් දැක්ක. අපේ සීමාව තුළට ඇවිල්ලා ගිණි ගන්න කලින් ගැඹුරු මුහුදට යවන්නත් ඕන තරම් වෙලාව තිබුණා. නමුත් ආණ්ඩුව උත්සාහ කළේ නැවේ ගින්න නිවලා කීයක් හරි හම්බ කරගන්න. අහක යන නැව් නිවලා සල්ලි හම්බ කරන මට්ටමට වැටිලා තියෙනවා. නමුත් ගින්න නිවීම පිළිබඳව දැනුම හෝ හැකියාව පිළිබඳව මූලික කරුණුවත් ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ. වරාය කැබිනට් ඇමති රෝහිත අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය සංදර්ශන සිදුකළා. අන්තිමටම වසර ගණනකින් ගොඩ ගන්න බැරි තරම් මහා පරිසර විනාශයක් සිදුවුණා. ධිවර කර්මාන්තය බිඳ වැටුණා. ඒ වගේම ආණ්ඩුව බලාපොරොත්තු වුණු වන්දියක් ගන්න අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හරි සම්පූර්ණ කරගන්න බැරිවෙලා ඉන්නවා.
පොහොර ප්‍රශ්නය ගත්තත් එහෙමයි. හිතුවක්කාරී තීන්දුවක් ගත්තා, රසායනික පොහොර ආනයනය නවත්වන්න. මේ තුළින් ජනප්‍රිය වෙන්න ආන්ඩුව කල්පනා කළා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? කාබනික පොහොර ගේනනත් සූදානම් වෙනවා. ඒකත් ජාවාරමක් බවට පත්කරගෙන. සැලසුමකට අනුව කරනවා නම් ලංකාව තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න නගර සභා මටටමින් කැලි කසල පාවිච්චි කරමින් පටන් ගන්න තිබුණා. ඒ කාබනික පොහොර හඳුන්වා දෙමින් රසායනික පොහොර ගේන එක ක්‍රමානුකූලව අඩු කරන්න තිබුණා. නමුත් දැන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කරන්න සූදානම් වෙනවා. නමුත් මේ ගේන්න යන්නේ ලෝකයේ රටවල තියෙන අපද්‍රව්‍ය. චීනයෙන් මේ අපද්‍රව්‍ය ගේන්න සමාගමකුත් හදාගෙන තිබෙන බව කියනවා. අපේ රටට නොගැලපෙන, අපට අහිතකර විශාල හානි මේ තුළින් සිදුවිය හැකිව තිබෙනවා. මේ නිසාම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට ඉල්ලා අස්වෙන්න සිදුවී තිබෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් නැති ජීවානුහරණය කළ කාබනික පොහොර ගේනවා කියලා. කාබනික පොහොර නම් ක්‍ෂුද්‍ර ජීවීන් හරහා නිෂ්පාදනය වෙන ක්‍රියාවලියක්. දැන් සිද්ධවෙන්නෙ කිසිම මූලික දැනීමක්වත් නැති අය රැලක් එකතු වෙලා මේ රට විනාශ කරමින් යාමයි.
ඇමතිවරුන් කරන්නේ හැරෙන හැරෙන අතට කට පාවිච්චි කරලා රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කිරීමයි. කොරෝනා එන්නත දීමත් ජාවාරමක් කරගෙන. පුද්ගලිකව මේ එන්නත ගෙන්වා ගැනීමේ උත්සාහයක් තිබුණා. හොඳ වෙලාවට ඊට අවසර ලැබුණේ නැහැ. දැන් එන්නත ලබා දෙන්නේ විවිධ අර්බුද මැද්දේ. කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා කියන්නේ රුසියාවෙන් ගෙන්වූ එන්නත එක වරක් ලබා දුන්නාම ඇති කියලා. ඒක වෛද්‍යවරුන්ගේ තීරණයක් නෙවෙයි. ලංකාවේ එන්නත් ක්‍රියාවලිය අධීක්‍ෂණය බාරගෙන තිබෙන්නේ නාමල් රාජපක්‍ෂ ක්‍රීඩා ඇමතිවරයා. එන්ත්කරණය සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු විශේෂඳ දැනුම තියෙන අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියටත් අදාළ දැනුම තියෙනවා. නමුත් මේක අධීක්‍ෂණයට ඒ ගොල්ලෝ සම්බන්ධ කරගන්නේ නැහැ. අඩුම ගානේ සෞඛ්‍ය අමාත්‍යාවරියත් පැත්තක ඉඳිද්දී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහත්තයා දිස්ත්‍රික්ක ගානේ එන්නත් ලබාදීම අධීක්‍ෂණයට යනවා. එන්නත් දෙනවා කියන්නෙ ක්‍රීඩා උත්සවයක් නෙවෙයි. රාජපක්‍ෂ පවුල මූලික කරගෙනයි සියල්ලම කෙරෙන්නේ. අනාගත රජවරු හදන්න ඉලක්ක කරගත් එන්නත්කරණයක් දැන් තියෙන්නේ. රෝගය කියන විපත පවා අනාගත බල ව්‍යාපෘතියක කොටසක් කරගෙන තිබෙනවා.
පොලීසිය බාර ඇමතිතුමා කළ ක්‍රියාවන් නිසා ලෝකය පුරා හෑල්ලුවට ලක්වී තිබෙනවා. ඒ ගොල්ලන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ නිසා අඩුම ගානේ මේ ආණ්ඩුව හදන්න මත පළකළ වියත්මග ඇතුලු පිරිසට වගකීමක් තියෙනවා, මේ ආණ්ඩුවේ විහිළුකාරී විනාශකාරී හැසිරීම පාලනය කරන්න මැදිහත් වෙන්න. මේ ආණ්ඩුවට ඡන්දය දුන් අයගෙන් බහුතරයක් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. සියලුම විදේශ බලවේග රට තුළට ගෙන්වා ගනිමින් තියෙන්නේ. රටේ ආර්ථිකය නිර්මාණය කරන්නේ නැහැ. වසංගතය එක්ක විහිළු කරමින් ඉන්නේ. එයින් පීඩාවට පත් ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊට අමතරව හැම ඇමතිවරයෙක්ම රට හෑල්ලුවට ලක් කරමින් සියලුම අමාත්‍යාංශ අවුල් කරමින් ඉන්නවා. මේ ඔක්කොම තියෙද්දී නැව ගිළුනත් බෑන් චූන් ගහගෙන ආණ්ඩුව ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කොල්ලකාරී, ජාවාරම්කාරී පාදඩකරණය කරන ලද දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් හිතන්න කාලය ජනතාවට ඇවිත් තිබෙනවා. රට හදන්න පුළුවන් සැලැස්මක් සහිත, ප්‍රතිපත්ති සහිත ඒ හැකියාව සහිත වමේ ප්‍රගතිශීලී ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව දැන් ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාව දිනවන්න කටයුතු කළ ජනතාවට අපි කියන්නේ නිහඬව නොඉඳ මේ කරන විනාශකාරීත්වයට එරෙහි වෙන්න කියලයි. ඔබට හෘදයසාක්‍ෂියක් තියෙනවා නම් මේ කරන විනාශයන්ට එරෙහිව ඔබේ හඬ අවදි කරවන්න. එයින් නතර නොවී අපේ රටට විනාශය කරා ඇදගෙන යන මේ ක්‍රමය පරාජය කරන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපේ රට විශාලා මහනුවරක් වීමේ විනාශය දැන් නතර කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් කළ හැකි හැම දේම කරන්න ජාතික ජන බලවේගය පෙළ ගැහිලා ඉන්නවා. රට ගැන හැඟීමක් තියෙන සැබෑ අය තමන්ගේ හඬ අවදි කරමින් පෙළ ගැසිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

Leave A Reply

Your email address will not be published.