හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසයි.
හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්ත පුරය සහ සෙනසුරාදා හටගත් ගැටුම පිළිබඳව උණුසුම් වාද විවාද මධ්‍යයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, සිකුරාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේ මුණ ගැසී කරුණු පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිවන්තවන බවත් සඳහන් කළේය.
“ඒ පැහැදිලි කරීම නිසා උද්ගත වෙන්න තිබුන භයානක තත්වයක් නිවුණා නමුත් සැකය දුරු වුනේ නෑ,” චමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.