හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි. අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද අලුයම 02 යි 17 ට යි. පස්වරු 03 යි 05 ට පුණ්‍ය කාලය නිමාවට පත්වේ. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විහාරස්ථානවලට අද අලුයම් කාලයේම ජනතාව පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
මෙවර අලුත් අවුරුදු උදා වූයේ පූර්ව භාග 08 යි 41 ට යෙදෙන සුබ මොහොතිනි. ආහාර පිසීමේ නැකත උදා වූයේ පූර්ව භාග 09 යි 05 ටයි. “රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද, උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් විය.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදා වූයේ පූර්ව භාග 10 යි 17 ටයි. “රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් විය.